(මනෝප්‍රිය ගුණසේකර සහ  රන්ජන් කටුගම්පොල) 

22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය” සමගී ජන බලවේගය ඇතුළු පාර්ශව  නවයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර ඇත.

පනත් කෙටුම්පතකට එරෙහිව මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ වැඩිම පෙත්සම් සංඛ්‍යාව මේ බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නිදහස් නීතීඥ සංවිධානයේ සභාපති නීතීඥ මෛත්‍රී ගුණරත්න,  මහාචාර්ය ජී.එල්.පීරීස්,  සමගි ජන බලවේගය,  සර්වජන බලය,  හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පෙරටුගාමි පක්ෂයේ ප්‍රචාරක ලෙකම් දුමින්ද නාගමුව, මිලින්ද රාජපක්‍ෂ මහත්වරුන් ගොනුකොට ඇති පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.