(සුජිත් හේවාජුලිගේ)
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388කට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කර ඇත.
ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රදානය කර ඇත.
•බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01 ක සමාවක්
•දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.
• සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
මෙම විශේෂ රාජ්‍ය සමාව යටතේ කාන්තා රැදවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා ඇත.
වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක්ද වාරියපොළ බන්ධනාගාරයෙන් 38ක්ද අනුරාධපුර බන්ධනාගාරයෙන් 36ක්ද මහර බන්ධනාගාරයෙන් 30 ක්ද වශයෙන් සිරකරුවන් 388කට මෙසේ පොදු සමාව ප්‍රදානය කෙරේ
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වෙසක් පෝයට හිරකරුවන් 388කට පොදු සමාවක්