
(ආරියරත්න රණබාහු)
සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ තරමට සංචාරකයන්ගේ පැමිණීම සිදුව නැතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ සඳහා බලපෑ හේතු අතර වීසා නිකුත් කිරීමේ ගැටලුවද මූලික විය හැකි බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පසුගිය මැයි මාසයේ සිට වීසා සැකසීමේ ආයතනය වෙනස්වීමත් සමඟ විදෙස් සංචාරකයන් සඳහා එම ක්‍රියාවලිය වඩාත් මිල අධික හා දුෂ්කර වී ඇති බව සඳහන්වේ.
කෙසේ වෙතත් ලබන මස සිට රටවල් 39ක් සදහා වීසා රහිත සංචාරක අවස්ථා ආරම්භ කරන බව සභාපතිවරයා කීය.
මේ සැප්තැම්බර් මස 01වැනිදා සිට17වැනිදා දක්වා විදෙස් සංචාරකයින් 92639දෙනකු පැමිණ ඇත.
ඒ අනුව මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ පනස්දහසක් බවද හෙතෙම කීය.
වීසා රහිත සංචාරක අවස්ථා ලබාදීම හේතුවෙන් ලබන ඔක්තෝබර් මාසයේදී සංචාරකයන් ගේ පැමිණීම වැඩිවෙනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
කලාපයේ අනෙක් රටවල් වන මලදිවයින, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, සින්ගප්පූරුව, මැලේසියාව, පිලිපීනය වැනි රටවල් කරන ආකාරයට සහ අපි ඉස්සර කළ ආකාරයට යුරෝපයේ සියලුම රටවලට, ඕස්ට්‍රේලියාව නවසීලන්තේ වැනි සල්ලි තිබෙන රටවල් වලට දින 30 ක සංචාරක වීසා එක on arrival ක්‍රමයට නොමිලේම ගුවන් තොටුපලේදීම ලබාදෙන්න කටයුතු කරන්න... ඔය අප්‍රිකාවේ රටවල් වලට වීසා ගන්න එක අනිවාර්ය කරන්න...
ගිම්හාන යේදී, බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර යුරෝපයේ සහ මැදපෙරදිග සියලු පාසල් නිවාඩු අගෝස්තු සහ සැප්තැම්බර් වන විට අවසන් වූ අතර ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම අඩු කිරීම සාමාන්‍ය දෙයක්.
EU රටවලට වීසා ෆ්‍රී කරන්න
මම මාලිමාවට ඡන්දේ දුන්නේ නැතිවුණත් විජිත හේරත් ඇමතිතුමාගේ තීරණය අගය කරනවා. නමුත් මම යෝජනා කරනවා මුදල් හම්බ කරන්න නම් අර කලාපේ අනෙක් රටවල් කරන ආකාරයට සංචාරකයා රට තුළට ගන්න ඕනේ... ගොඩාක් සල්ලි තිබෙන වයසක මිනිස්සු ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වලින් සල්ලි ගෙවලා අන්තර් ජාලය හරහා වීසා ගැනීම වැනි වැඩ කරන්න එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ... කොහොම නමුත් අපි ගරු අධිකරණයට ස්තුතිවන්ත වෙන්න ඕනේ හොරු විසින් විනාශ කරන්න ගිය සංචාරක වියපාරේ ,ගරු අධිකරණය මැදිහත්වෙලා මෙහෙමවත් බේරා ගත්තට, ගරු අධිකරනෙන් ඉතා යටහත් පත්ව ඉල්ලා සිටිනවා, මේකට සම්බන්ධ ඇමැති සහ ආගමන විගමන පාලකට සුදුසු දඬුවමක් ලබාදෙන ලෙස, අනිත් හොරුන්ටත් පාඩමක් ඉගෙන ගන්න, මේ හොරු කණ්ඩායම රටේ බොරු ජනමතයක් ගරු අධිකරනෙට විරුද්ධව ගොඩ නගන්න හැදුවා, ජනතාව ඒවාට රැවටෙන්නේ නැහැ...
රොටි කන හිඟන්නන්ට නොමිලේ විසා දීලා රටට ගෙන්න ගන්නවා.. සල්ලි තිබෙන සංචාරකයාට ලෝකේ නැති තහංචි දමනවා... මාලදිවයින, වියට්නාමය සමග තරගයක් දෙන්න නම්, අපි එගොල්ලට වැඩිය හොඳ ඔෆ්ෆෙර් එකක් දෙන්න ඕනේ , ඔය ටිරාන් තවදුරටත් හිටියා නම් වෙන්නේ මහා විනාශයක්...!