රංජන් කස්තුරි
වීසා බලපත් නොමැතිව මෙරට ආගමික පාසල්වල සේවය කරන සියලු විදේශිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටමං කිරිමට රජය තීරණය කර තිබේ.
රැකියා වීසා බලපත් නොමැති විදෙස් ජාතිකයින් පිරිසක් මෙරට ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔවුන් රටින් පිටමංකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළෘත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
විශේෂයෙන් ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ සිටින විදේශිකයින් පිළිබඳව කරුණූ සොයා බලා ඔවුන් රටතුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න ගොඩක් හොර වීසා තියෙන අය වැඩකරන අයට පගාව දීලා ඕනෙදෙයක් කරගන්නවා..
යවන්න හදිස්සි නොවී එයාලගෙන් ගන්න දේවල් තියනවද, එයාලා කව්ද, මොනවද කලේ කියලා හොයලා බැලුවා නම් නරකද? අශ්වයා යවලා ඉස්තාලේ වැහුවට වැඩක් නැහැ.
වීසා ඇතිවවත් ආගම් ඉගැන්වීමට කිසිවෙක්වත් මේ රටට නොගෙන්විය යුතුය. එවැන්නකට ඉඩදීමක්ද නොකළ යුතුයි.
ඉතාම හොඳ මෙන්ම අගය කළයුතු තීරණයක්... හැකි ඉක්මණින් මෙවන් පිළිල රටින් පිටමං කළයුතුමයි. එහි කිසිඳු වෙනසක් නොකළ යුතුයි. " අරයගේ නියෝග, මෙයාගේ නියෝග බල්ලට දමනු...". අරයගේ, මෙයාගේ ඡන්ද ගොඩ මට නැතිවෙයි යන ආත්මාර්ථකාමී අදහස් ඇති හැම දේශපාලකයෙකුටම අප නැවත මතක්කර දෙන්නේ රටේ ආරක්ෂාව පළමුව, දෙවනුවත් එයමය... තුන්වනුවත් එයමය,.. හතරවනුවත් එයමය. මෙම තීරණයට එරෙහි වන කිසිඳු දේශපාලකයෙක් මේ මව්බිමේ නොසිටිය යුතුයි. එසේ උදව් කරන්නේ කව්ද එයා මෙම මෙලෙච්ඡ අන්තවාදයට උදව් කරන්නෝය.
මීට පස්සේ වීසා ලබාදෙන්න කලින් ඔවුන් එන්නේ මොකටද කියන එක තහවුරු කරගන්න. ඩොලර් 3000 මුදලක් ලංකාවේ ඉන්න කාලය තුළ ඔවුන්ගේ බැංකුවේ තිබීම අනිවාර්යය කරන්න..
ආගම ඉගෙන ගැනීමට ඇයි බාධා කරන්නේ? මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.
මෙය බරපතල තත්ත්වයකි. ආගමන් විගමන නීති උල්ලංඝනය කර, කටයුතු කළ පිරිස් විමර්ශනයට ලක් නොකර රටින් පිට කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් අවධානයට ලක් කළ යුතුය. මෙම වීසා නොමැතිව මේ රටේ සිටියේ කාගේ හයිය මතද? මෙය රට, මාතෘ භූමිය හෑල්ලුවට ලක් කිරීමකි. වීසා නොමැතිව, නීතිය උල්ලංඝනය කීරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. රටේ උද්ගත වී ඇති තත්වය මත මේ පුද්ගලයන් පිළිබඳව පූර්ණය විමර්ශනයට භාජනය කර පළමුව මොවුන් පිළිබඳව කරුණු තහවුරු කර ගත යුතුය. මේ අය අන්තවාදී ත්රස්තවාදයට සම්බන්ධව නොවන පුද්ගලයන් බව තහවුරු කළ යුතුය. නීතියට පිටින් රටක සිටී නම් කවුරු වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවිය යුතුවා මෙන්ම මොවුන් කිසිදු විමර්ශනයකට භාජන නොකට පිටමන් කිරීමට උපදෙස් දීම අපගේ විපිලිසර බවට හේතු ය.
මේ විෂබීජ ඉක්මනටම අපේ රටෙන් තුරන් කල යුතුය
වීසා බලපත් නොමැතිව මෙරට ආගමික පාසල්වල සේවය කරන සියලු විදේශිකයින් පමණක් නොව ලංකාවේ සිටින පකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්තානවලින්, අන් සියලු මුස්ලිම් රටවලින් ලංකාවේ දේශපාලන රැකවරණ ලබා සිටින සියල්ලන් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටමං කිරිමට රජය තීරණය කර තිබේ. ලෝකයේ ධනවත් මුස්ලිම් රටවල්වලට ගොස් දේශපාලන රැකවරණ ලබා නොගෙන බහුතරයක් බෞද්ධයන් සිටින රටක දේශපාලන රැකවරණ ඉල්ලනේ කුමන පදනමකින්ද කියා සොයා බැලිය යුතුයි...
සාමයේ පණිවිඩය බෙදා දෙන්න ආපු අයට මුකුත් කියන්න එපා.
අර වැඩසටහනකට ඇවිත් එක මව්ලවි කෙනෙක් අඬ අඬා කිව්වා ඔය පාසල් ගැන වැරදි කියන්න එපා මරාගෙන මැරුණු අය ඕවා වල ඉගෙන ගත්තු අය නෙමේ කියලා. එතකොට වීසා නැතුව හොරෙන් ඉන්න ගුරුවරු හොඳ අය වෙන්න ඇති. ටිකිරි මොළේ තරම තමා!
කතා කොරනකොට කියන්නේ අපේ ආගමේ උගතුන් බුද්ධිමතුන් මෙහෙ ඉන්නවා කියලා. බලනකොට ආගම උගන්වන්න බංගලි දේශෙන් පකිස්තානයෙන් ඊජිප්තුවෙන් ගෙන්වන්නේ. මොවුන් තියාගන්න ජාතික ප්‍රතිපත්ති හදන්නේ මොකටද.
ටික දවසකින් ආපහු ඒවි. මේක යහපාලනෙනේ