
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනයේ සභාපති නිෂාද් විජේතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අද වන විට සංචාරක වීසා එකක් සඳහා ඩොලර් 100.77 ක මුදලක් අයකරන බවත් වීසා ගාස්තුව ඩොලර් 50 ට තිබූ කාලයේ විදේශීකයන් විශාල වශයෙන් පැමිණි බවත්ය.
එක පුද්ගලයෙක්ට දින 30 ක වීසා සඳහා උපරිමය ඩොලර් 50 ක් අය කරන ලෙස මේ වන විටත් ආණ්ඩුවට දැනුම්දී ඇති බව කී නිෂාද් විජේතුංග මහතා සංචාරක ව්‍යාපාරය හරහා විදේශ මුදල් මෙරටට උපයාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මෙවැනි ගාස්තු ලිහිල්කිරීම මිස තද කිරීම නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරාන් ඇමැතිතුමාගේ පැහැදිලි කිරීම නිවැරැදියි. මේ ජවිපයේ අය රට විනාශ කරන්න හදන තව ගුණ්ඩුවක්... ඔවුන්ගේ කෙනෙක් මේ වෙනුවෙන් කතා කළාද? පහත් බාල වැඩ කර කර ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න එක තුච්ච වැඩකි...
රමනි අධිකාරි මොලේ බලවාගන්න දැන් ජවිපෙ රජයක් නෙවෙයි, බැංකු හොරු පොහොට්ටු හවුලක් ඒ අයගේ වැඩ තමයි. මේ ටිරාන් හරිනම් තමුන් ඉන්න තැන වැටහෙනවා. අනෙක ජවිපෙද රටේ වෙන සේරම අකටයුතුවලට එරෙහි වෙන්න ඕනෑ... ඒ බව පිළිගැනීම සතුටත්, ජවිපෙ හැමදාම හරි තැන ඉන්නවා, මාලිමාවට දිනෙන් දින ජනතාව එකතුවන නිසා කුහකකමට මඩ ගහනවා...!
ඇයි ..ඇමැති මණ්ඩලය නේ තීරණය කලේ. උන්ට හිතුනෙ නැත්ද මේක.. බාල බෙහෙත් වගෙ තමයි ...