
වීසා නිකුත් කිරීමට අදාළව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්. එස් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
වීසා නිකුත් කිරීමේදී පද්ධතියේ ඇතිවූ ප්‍රමාදය සහ ගැටලු තාක්ෂණික දෝෂ නිසා ඇති වූවක් බවත් එම තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව ලබන සතියේදී නැවතත් පද්ධතිය බලාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා පැවැසුවේය.
එහෙත් ඒ සඳහා දිනයක් ලබාදීම වියානි ගුණතිලක මහතා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ ආගමන කටයුතු හසුරුවන ඉන්දියානු කාර්ය මණ්ඩලය තම විදේශීය බිරිඳට වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි මගියකුගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමග පසුගියදා ආන්දෝලනාත්මක තත්වයක් හට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වංචාවක්, දූෂණයක් සිදුවිය හැකියි කියලා ප්‍රබලව සැකයක් එනවා දැන් නම්... බෙහෙත් වලටත් කැබිනට් අනුමැතිය ගත්තා කියලානේ කිව්වේ. අන්තිමට මොකද වුනේ... සංචාරකයින්ට ලංකාව එපා කරවන තැතක්...
ලංකාවේ ඉතුරු ටිකත් විනාශ කරපල්ලා...
ඔව් ඔව් වෙනස් කරන්න එපා. කොහොමද වෙනස් කරන්නේ ජරාව කාපු ඒවා දිරවන්නත් කලින් නේද මහත්තයෝ.. ඔයාලා වගේ නිලධාරීන්ට විතරක් නෙමෙයි ඔහේලාගේ දරුවන්ටත් මැරුණු දෙමාපියන්ටත් හෙණහත ගහනවා, මේ කරන තක්කඩි වැඩවලට...
මොවුන් කවදාවත් හැදෙන අය නොවෙයි. කොච්චර හොරකම් අපි ඇල්ලුවත් මොවුන් හොරාකන එක නවත්වන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් කරන්න අලුත්ම ආණ්ඩුවක් ඕනේ. හාල් කිලෝ 10ක් නොරැවටී මේ ක්‍රමේ වෙනස් කරන්න පෙළ ගැසෙමු. ඊළඟ ජනාධිපතිවරණයේදී රටට වගකියන නායකයකු පත් කර ගනිමු...!
දකුණු අප්‍රිකාවෙන් ගහලා පන්නපු කොම්පැනියක් මේ. රටේ ජනාධිපති ගෝටාභයව පන්නපු අපේ රටේ මිනිස්සුන්ට මේ හොර ඉන්දියන් කාරයින්ව පන්නන්න යන්නේ පැයයි නැත්නම් දෙකයි.. කට්ටියටම වටකරලා නෙලපුවම ..නිකම්ම මාරුවෙයි. ඔය පණ්ඩිත කතාකරන අපේ රටේ අමන සක්කිලි නිලධාරීන් ගැනත් අපි ඊගාවට බලාගන්නවා.
කිසිම හේතුවක් නැතිව එක වීසා අයැදුම්පතකින් ඩොලර් 25 වැනි ප්‍රමාණයක් මෙම ආයතනයට යනවා කියන්නේ ජාතික අපරාධයක්, මෙච්චර රටේ ඩොලර් හිඟයක් තියන වෙලාවේ මෙහෙම කරන්නේ මොකද කියලා අපිට නම් හරි ප්‍රශ්නයක්, උසාවියක් වත් නැත්ද මේකට මැදිහත් වෙන්න..
ජනතාව නුඹලාව වෙනස් කරනවා නුදුරේදී හොරුන්ට කඩේ යන නිලධාරීන්...
මේවායේ අමන පාලකයින් ඉන්නකන් රටත් ඉවරයි...
ඒක අවලංගු කරලා කොහොමද ගත්තු කොමිස් කුට්ටිය... ආපහු දෙන්න වෙනවානේ අපේ හාමුදුරුවනේ...!
අපගේ ආගමන විගමන නිලධාරීන් ලස්සනට කරපු මේ වැඩ මේ අමන පාලකයින් විනාශ කරන්නේ. මේවා ජාතික අපරාධ. නූගත් පාලකයින් රටට සාපයක්...
තොපිට හෙනහතම ගහනවා මේ කරන සක්කිලිවැඩ වලට. මේ ලෝකේ කිසිම රටම නෑ යකෝ VFS Global එකක් ඒ රටේ එයාපෝට් එකේ කවුන්ටර් දාගෙන වීසා දෙන.