
(ගයාන් සූරියආරච්චි)
වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී, එය සජිවිලෙස නරඹමින් ඇමතිවරයාගෙන් ඇසියයුතු ප්‍රශ්න දිගින් දිගටම මාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මාධ්‍ය හමුවට සහභාගිවූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මාධ්‍ය හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් ව දැනුවත් කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිට හෙනහතම ගහනවා මේ කරන සක්කිලිවැඩ වලට. මේ ලෝකේ කිසිම රටම නෑ යකෝ VFS Global එකක් ඒ රටේ එයාපෝට් එකේ කවුන්ටර් දාගෙන වීසා දෙන.
අපොයි ඔව් අපිටත් ඒ ගැන කිසිම සැකයක්නැහැ. ඔයාලා හොරකම් කරන්න... කොමිස් ගහන්න අවිවාදයෙන්ම එකඟවෙනවා. කරන විවාද වලිනුත් පලකරන්නේ හිතක් පපුවක් නැති බව පමණයි. රෝහල් අසල මල්ශාලා තිබෙනවා කිව්වේත් විවාදයකදී නේද...?
මේ ඉල්ලන් කන්නේ නිකන් නෙවෙයි.., මෙයාලාට මොනවා හරි කුට්ටියක් ඇති, ජනාධිපතිතුමනි, මේවත් බලන්න වෙයි. ඔයාගේ කැබිනට් එක...
ලංකා බැංකුවට පොලු තියලා දැන් හොරකම තව ටිකක් මහා පරිමානෙන් කරන්න පටන් අරන්...!
මේ විසා මඟදියට පාර්ලිමේන්තුවේදී අත උස්සපු මෝඩ හොරු රැළම දවසක ගෙවනවා - සමහරවිට කුඩුවේ තපින්නත් පුළුවන්.ටිරාන්, තව මාස දෙක තුනක් නටපන් ,ඊට පස්සේ උඹ අනිවාර්යයෙන්ම කුඩුවට දක්කනවා..
අනුමත කළ නොකළ... මොකටද පිටරට කම්පැණියකට දුන්නේ? කොමිස් කාක්කෝ ගෙදර යන්නේ කිට්ටු නිසා මොවුන් කනවා.
අපි මුළු ලෝකෙටම කියනවා ශ්‍රී ලංකාවේ ලොකු වීසා මගඩියක් තියෙනවා, ඒ නිසා ඔන් ඇරයිවල් වීසා ගන්න එපා " කියලා.
ඕක කැබිනෙට්ටුවක් නෙමෙයි ජාතියේ මිනීපෙට්ටිය. ඔව් දියවන්නාවේ මිනීපෙට්ටිය. අපේ රටට ජනතාවට හෙන ගැහිලා යන විදියේ දේවල් තමයි... ඕකේ කට්ටිය අත උස්සලා සම්මත කරගන්නේ. මේකත් හරියටම අර චීන පොහොර නැවේ සිද්ධිය වගේම එකක් තමයි. කරපු කෙනෙක් නැහැ. ගුවන් සේවා ඇමති පැත්තක ඉද්දි මහජන ආරක්ෂක ඇමැති එනවා කරුණු පහදන්න. පුදුම වැඩක්නේ. රටේ මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ රටට එනකොට ගෙනෙන ඩොලර් ටිකෙනුත් කොටසක් හොර පාරේ කාගේ කාගේත් සාක්කු වලට ගිණුම්වලට බැර කර ගන්න විත්තිය.... මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණෙට ඉස්සෙල්ලා රටම විකුණා වි කැබිනෙට්ටුව සම්මත කළාය කියලා. ගුවන් තොටුපොලේදී හඬ නගපු අර තරුණ නීතිඥ මහතාණෙනි, නීතිඥවරුනි ඔතැනින් නතරවෙන්න එපා... ඔබගේ වෘත්තීය සගයින් සමග අඛණ්ඩව මේ පිළිබඳව සටන ඉදිරියට ගෙනගොස් මේ අසාධාරණ වැඩ පිළිවෙල නතර කරන්න.
ගුවන්තොටුපලේ වීසා කලබලෙන් පස්සේ යුරෝපා ජාතිකයන්ට ලංකාවට වීසා දෙන්න ඩොලර් 100 ගන්නවා කියලා ලෝකේ පුරා ප්‍රචාරය වෙලා යුරෝපා ජාතිකයෝ දාලා තිබුණා බුකින් කැන්සල් වෙනවා දිගට හරහට, අත දරුවෙකු සහ සාමාන්‍ය වයස 10 ක දරුවෙක් සිටින පවුලක් දින 15කට ලංකාවට එනවා නම් වීසා ගාස්තුව පමණක් ඩොලර් 400ක් වෙනවා. ගිය මාසේ මේ පවුල ආවා නම් ගෙවන්නේ සියලු දෙනාටම ඩොලර් 100ක් පමණි. තායිලන්තේ, වියට්නාමේ, මලදිවයිනේ ගාස්තුව 0 $ , ඔබලාගේ මොලේ හොඳ නැද්ද? දැන් හදන්නේ වීසා ගාස්තු නොසෑහෙන ලෙස වැඩිකරලා සංචාරක ව්‍යාපාරේ කඩා දමලා ආර්ථිකේ නැවත බිම දමන්නද? අපිට සුද්දෝ නැතිවුණොත් අපි එනවා නැවත කොළඹ, කාලකන්නි බල්ලෝ සෙට් එක නැවත බේරේ වැවේ නාන්න ලෑස්තිවෙලා හිටපියවු...
මොවුන් ඉන්නකම් අපේ රට ගොඩගන්න බැහැ. හෙන ගහපල්ලා මොවුන්ට..
ටිරාන් මහත්තයෝ රට ගිහින් ගිණුමක් ඇරලා ඒ සමාගමට ගිණුම් එහෙම දිලාද ආවේ? කළබලේට ඉලක්කම් වැරැද්දුවේ නැ නේද?
අර ඇමැති දැනුවත් කළ මාධ්‍යවේදියෝ අරුම පුදුම සෙට් එකක්, ඇමැතිගෙන් කවුරු මොනවා ඇහුවත් අහන එක හරි නම් ඒකෙ මුල ගැන කේලම් මොකටද? විජයදාස ළඟට නරකම කැබිනට් ඇමැති තමයි මෙයා,
අනේ තමුසෙගේ ප්‍රකාශ අපිට වැඩක් නෑ ඕයි.