
(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ''රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණ කරනු ලැබ ඇත.
ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගීත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, එකී ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ' රටම එකට ජාතික මෙහෙයුම' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, 'රටම එකට ජාතික මෙහෙයුම' හදිසි හා කඩිනම් ජාතික වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට සහ ඒ සඳහා ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම ඉදිරියට එමු. රටම අවදි කරමු. ජනතාව සමගි කරවමු. ආදරයෙන් පිරුණු සමාජයක් ගොඩ නගමු. බාල, තරුණ, මහළු හැම දෙනාවම වුවදුරෙන් මුදවමු..!