
(ජේ.කේ.එල්. චාමින්ද)
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය විසින් විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව 2023 ජුනි මස 30 වැනිදින වනවිට රෝහල් ආයතන 50ක විශේෂඥ වෛද්‍යවරුන් 226ක්ගේ හිගයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන 23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක් පැවතුණි.
එමෙන්ම විධිමත් අනුමැතියක් හෝ ලබානොගත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් තුල විශේෂඥ වෛද්‍යවරුන් 141ක් සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ලංකාවේ ඉන්න බෑ කියලා ලංකාවේ රජයෙන් ගත්ත ශිෂ්‍යත්වවලින්ම රටින් පැනල ඉන්න කට්ටිය එන්න ඕනා. 14 මැතිවරණය මොනවා වුණත් මාලිමාව දිනන්න ඉඩ වැඩි වගේම ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඉස්සර ගහපු බයිලා දැන් ගහන්නේ නැතුව එන්න. ඔය ගිය ගොඩ දෙනෙක් ගිහින් කියන්නේ ලංකාවේ ඉන්න බෑ කියලා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා ආපහු එන්නේ නෑ කියලා. ඕක අද ඊයේ නොවේ අවුරුදු 60ක් වත් තිස්සේ වුණු දෙයක්. ශිෂ්‍යත්ව හොරු ගානක් UK, USA, ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඒ දොස්තරලා විතරක් නෙවෙයි. ඇත්තටම ජනාධිපතිතුමා හෝ අලුතින් පත්වන අධ්‍යාපන ඇමතිතුමා හෝ තුමිය ඔය ගැනත් හොයන්න. වෙන වැරදි මොනවා වුණත් විජයදාස රාජපක්ෂ උසස් අධ්‍යාපන ඇමති කාලේ ඔහොම කණුව තියපු විශ්ව විද්‍යාල ආචාර්යවරු ලැයිස්තුව ප්‍රසිද්ධ කරා කියලා වෘත්තිය සමිති නායකයින්ගෙන් බොහොම දොස් ඇහුවා. එතකොට ඒක වැරදියි කියමුකෝ දැන් කරන්න තියෙන්නේත් ඒකම තමයි. ඒ කරලා එක්කෝ කට්ටිය ගෙන්නන්න නැත්නම් ශිෂ්‍යත්ව සඳහා ගිය මුළු මුදලම ආපහු අය කරගන්න.
ලංකාවේ සිටින පුරවැසියන්ගේ ප්‍රමාණයට සිටින වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ඉතා අල්ප බව පිළිගන්න වෙනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල ඉඩ මදි නිසා විශාල ප්‍රමාණයක් විදේශ ගතවෙනවා. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. මේ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යනවා. මේකට විසඳුම් දෙකක ඇත 1) රජයේ විශ්ව විද්‍යාල වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කිරීම, මේක කිරීමට මුදල් නොමැති නම් රජයේ නියාමනයකට යටත්ව පුද්ගලික අංශයට ලංකාවේ විශ්ව විද්‍යාල ඇතිකිරීමට ඉඩදීම, මේ විසඳුම් දෙකටම දොස්තර සංගම් අකැමැති බව පෙනෙනවා... රටේ වෛද්‍යවරු අඩුවෙන තරමට ඔවුන්ට රෝගීන්ගෙන් ගසකන්න පුළුවන්..., දොස්තරලාට ජනතා මුදලින් ඉගැන්වූවාට ඔවුන් අපට රජයේ රෝහල් මගින් 100% සේවයක් ලබාදෙන්න කැමැති නැත. ඔවුන්ගේ චැනල් කඩවල රස්තියාදු වී මුදල් ගෙවුවේ නැතිනම් ඔවුන්ගේ රජයේ රෝහලේ වාට්ටුවට ඇතුල්විය නොහැකිය.
පුද්ගලික රෝහල්වල නම් දොස්තරලා පිරිලා. රෝගීන්ට වැඩිය ලොකු කාර් පාර්ක් තියෙන්නේ දොස්තරලාට.. එච්චරට දොස්තරලා...!
විය යුත්තේ ප්‍රමිතිගතව පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් දැමීම. වෙන රටවලත් කරන්නේ ඒක තමයි. මෙහෙ විතරයි මේ NGO සල්ලි වලට අන්තරේ පැටලිලා හැමදේම කඩා කප්පල් කරන්නේ....!
අන්තරේ රටේ හැම මගුලකට අත දමන්න එන්න එපා. අන්තරේ කරන්නේ දොස්තර සංගමේ සල්ලිවලට කඩේ යන එක, අන්තරේ සාධාරණ වෙන්න. රජයේ රෝහල්වල ප්‍රතිකාර නැතුව දුක් විඳින රෝගීන් පිළිබඳව අන්තරේට කිසිම කැක්කුමක් නැහැ. හරි නම් පුද්ගලික චැනල් කඩ ඉස්සරහත් අන්තරේ උද්ඝෝෂණ කරන්න ඕනේ, මෙහෙම ගියොත් අර නන්දසේන එලෙව්වා වගේ මිනිස්සු එකතුවෙලා අන්තරේ උද්ඝෝෂණ වලට පහරදී එලවලා දමාවි. විශ්ව විද්‍යාල ඇතුලේ නවක වද දෙන්න එපා... පිස්සු නටන්න එපා කියලා ජනාධිපති නියෝගයක් දීලා තිබෙනවා. අන්තරේ නටන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි කුමාර ගුණරත්නම් කියන NGO කාරයාගේ පදේට...
පිටරට ඉන්න අපේ සැපවත් ජීවිත අතහැරලා අපායට එන්න කියලාද කියන්නේ. නිකන් ඉගැන්නුවේ අපට විතරක් නෙවෙයි නේ. ඔය වගේ Korea, Middle East, Japan wage රටවල ගිහිල්ලා කඹුරන අයටත් එන්න කියනවා මමනම් අහලා නෑ. නිකන් කුහක අදහස් නොදා දැන්වත් මහන්සි වෙලා දියුණු වෙන්න. එතකොට මෙතන කමෙන්ට් දාන අය වගේ නැතුව ජීවිතය විඳින්න පුළුවන්. ප.ලි - අපේ වටිනාකමට රටේ මිනිස්සු අගයක් නුදුන්නාට මෙහේ මිනිස්සු අපිට නියම වටිනාකම දෙනවා. ඒකයි මෙහෙ සහ ගෝත්‍රික රටක වෙනස...
අපේ වටිනාකමට රටේ මිනිස්සු අගයක් නුදුන්නාට මෙහේ මිනිස්සු අපිට නියම වටිනාකම දෙනවා. එකයි මෙහේ සහ ගෝත්‍රික රටක වෙනස...!
හිඟන පඩියට විශේෂඥයෝ රඳවාගන්න බෑ. සාධාරණ වැටුපක් දිය යුතුයි.