(අංජුල මහික වීරරත්න)
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පරිච්ඡින්න කළ යුතු බවට 2024-03-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී තීරණය කරනු ලැබ තිබේ.
එහෙත්, එකී පනත පරිච්ඡින්න කිරීමත් සමඟ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අදාළ වන භාණ්ඩ ආනයනය කිරීමේදී එකතු කළ අගය මත බද්ද ඇතුළුව අනෙකුත් බදු අදාළ වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳ පොළ මිල කෙරෙහි සිදුවිය හැකි බලපෑම සහ දේශීය ගොවීන් සඳහා පහසුකම් සැලසීමේ රජයේ ප්‍රතිපත්තියට ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත.
එබැවින්, එකී බද්ද පරිච්ඡින්න කිරීම සඳහා වන 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකිරීමටත්, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් වන භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනු ප්‍රමාණ 2025-01-01 දින සිට බලාත්මකව පවත්වා ගෙන යාම පිණිසත් අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දිගටම