(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ( පක්ෂ නායක ) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ යම් යම් පක්ෂ සහ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ගණනාවක් කතානායකවරයාට දැනටමත් බාරදී ඇත.
සමගි ජන බලවේගය සහ පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ පිරිසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කතානායකවරයාට බාරදී ඇති කණ්ඩායම අතර වෙයි.
මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ ඒවායේ න්‍යාය පත්‍ර පිළිබඳවද මෙම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තාමත් පරණ විදිහට තාම වැඩ. රටේ ප්‍රශ්න ගැන නෙමෙයි කතා කරන්නේ. පුන්නක්කු තමයි මෙයාලට කන්න දෙන්න ඕනෑ. ඕකට පාර්ලිමේන්තුව නෙවෙයි කියන්න ඕනේ, ගව ගාල කියලා...මේ මිනිස්සු විඳින දුක තේරෙන්නේ නැහැනේ..
මේ අයට රටේ ප්‍රශ්න අදාළම නැහැ. බලය රැකගැනීම පමණයි තියෙන එකම දැවෙන ප්‍රශ්නේ... මොකද පුටුවෙන් බැස්සොත් නවතින්නේ හිරේ කියලා ඉහළ සිට පහළට යනකල් හැමෝම දන්නවනේ...!