(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කතානායකතුමා විශ්වාස භංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙම කරන්නට එපා යැයි ද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබා දෙන්නැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.
ජනාධිපතිට විරුද්ධව තිබෙන විශ්වාසභංගයට ඉඩ දුන්නේ නැතොත් කතානායකගේ ගෙයත් වටලනු ඇතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
මගේ ඇඟේ සෙලවීම ඔබතුමාට දැනෙන එක හරිම පුදුමයක්(සභාවේ සිනා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් කුණු කාණුවක්.. නි. කතානායක කෙනෙක්ට ඡන්දය ගන්න බැරිවුණා. දැන් බම්බුවක් කතාකරනවා.
සුනිල්, විපක්ෂයට තිබෙන ඡන්ද ප්‍රමාණය අනුව නියෝජ්‍ය කතානායක පත්කර ගන්න බැරි බවත්, ස්වාධීන වුණා කියමින් ජනතාව නොමග යවන හොරුන්ගේ හැටි ඔබට නොවැටහීම කණගාටුවකි මිත්‍රයා.
මෙහෙම ගියොත් ජනතාව ගෙදර වටලලා මදි.. ඩෝසර් කරලා දාන්න ඕනේ.
අපි නොදන්නවයැ... විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වට කරපු උදවියනේ...
ගෙවල් වටලා වැඩක් නැහැ. දැනට සිටින නියෝජ්‍ය කතානායකවරයා රජයට විරුද්ධව ඉන්නවා හෝ හිටියා කියනවා නොවැ ඉතින්... ඉතාමත් ඉක්මණින් කතානායක තැනට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න භාෂා තුනෙන්ම සකසන්න. ඒක විමසන්න කතානායක තැනට හැකියාව නැහැ. එහෙම කරලා මුලින්ම මහින්ද යාපා යවන්න. ඔය දකුණේ මාකඳුරේ මිනිස්සු හරිම නීචයි.