(අංජුල මහික වීරරත්න)
විශ්වාස භංගයකින් අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ධුර අවසන් වුවහොත් ජනාධිපතිවරයාගේ බලතල වඩාත් ශක්තිමත් වන හෙයින් ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් ජනතාව බලාපොරොත්තු වන පරමාර්ථ ඉටු වෙනවා දැයි සූක්ෂම සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම කල් යන වැඩක් වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ ප්‍රතිපාදන තිබෙන බව කී එජාප උප නායකයා මේ කාරණය සම්බන්ධ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.
ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ කිසිම ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන නමුත් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් ගෝල්ෆේස් පිටියේ විරෝධතා දක්වන පිරිස ඇතුළු රටේ බහුතරය අපේක්ෂා කරන අරමුණ ඉටුවෙනවා දැයි සිතා බැලිය යුතු බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27)පැවති මාධ්‍ය හමුවකදී එජාප උප නායකයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පවතින අර්බුදයට අවංකවම රටට ආදරෙන් උත්තර බලාපොරොත්තු වන අය පාර්ලිමේන්තුවේවත් ගාලුමුවදොර පිටියේවත් නැති පාටක් පෙනෙන්නේ...
හැම එකටම මහදැනමුත්තෝ වගේ අදහස් කිය කිය ඉන්න එක ලේසියි. එහෙනම් කරන දෙයක් කරලා රට බේරන්න. රනිල්ලා, රාජපක්ෂලා රැක්ක එකේ පව තමයි මේ අපි ගෙවන්නේ..
එජාපයට වැලේ වැල් නැතිව ඉන්නේ... නිකන් දොඩවනවා.
ඔබලගේ 3% කල්ලියේ අදහස් අපට අවශ්‍ය නැත. යහපාලන කාලයේ නීතිය ක්‍රියාත්මක කර හොරු ටික ඇතුළට දැම්මා නම් අද අපට මෙහෙම වෙන්නේ නැත.
මේ වගේ මෝඩ කතා තමයි කියන්නේ...!
ලොක්ක කියනවා පවතින රාමුවෙන් පිට හිතලා මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ කියලා. මේගොල්ලෝ තාම ළිං මැඩි තර්ක ගේනවා. ඕකේ අය එකතුවෙලා ජනමත විචාරණයක් තියලා මේ අය ඉන්න ඕනෙද? යන්න ඕනෙද? කියලා.. කිව්වනම් ප්‍රශ්නේ ඉවරයිනේ
මොකක්ද ආචාර්ය, මහාචාර්ය උපාධියක් තියෙනවා නේද? ඒකෙන් වත් බැරිද බඩවියත රැකගන්න... රස්සාවක් හොයාගන්න? මේ ජරාව කන්නම දඟලන්නේ නැතිව... අර මහබැංකුවෙන් ලොක්කා පන්නපු සල්ලි වලින් කොටහක් ලැබුණේ නැතෙයි...?