තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති.
අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැලකෙන්නේ වායුවලින් නිර්මාණය වුණු බෘහස්පති Jupiter ය. විද්‍යාඥයන්ට බෘහස්පති වැනි යෝධ අබිරහස් ග්‍රහයන් හමුවී ඇත්තේ, ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙන්, ‘ඔරියන්’ නමැති නෙබියුලාව සිතියම්ගත කරද්දීය.
ජේම්ස් වෙබ් යනු මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මාණය කර, අභ්‍යවකාශයේ ඈත රඳවා තිබෙන අති ප්‍රබ දුරේක්ෂයකි. මෙය නිර්මාණයට යොදා ගෙන ඇත්තේ ද අති නවීන තාක්ෂණයයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ රහස් පමණක් නොව, විශ්වයේ රහස් ද අනාවරණය කිරීමට ජේම්ස් වෙබ් දුරේක්ෂය සමත් වනු ඇතැයි විශ්වාස කෙරේ.
සාමාන්‍යයෙන් ඕනෑම ග්‍රහ වස්තුවක් තරුවක් වටා ගමන් කරයි. අප හිරු ලෙස හඳුන්වන්නේ අපගේ ග්‍රහ පද්ධතියට අයත් තාරකාවය. ජේම්ස් වෙබ් දුරේක්ෂය සොයා ගත් බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක තනිවම පැවැතීම විද්‍යාඥයන්ට ගැටලුවකි. මෙම ග්‍රහලෝක සැබැවින්ම ග්‍රහලෝකදැයි යන්න පවා ප්‍රහේලිකාවක් වී ඇත. කෙසේ නමුත් විද්‍යාඥයන් මේවා නම් කර ඇත්තේ Jupiter Mass Binary Objects - JuMBOs යන නමිනි.
(ස්තුතිය - නාසා ආයතනයට)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක
උපාසක Tuesday, 03 October 2023 06:05 AM
ලෝක විෂය අචින්තියයි, කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මේ එම දේශනාව සත්‍ය වෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්... යම් කාලෙක ඕවාට අපටත් කිට්ටු වෙන්න බැරිනැහැ...