(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් විශ්වමඩු , උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයේ නාවික භට පිරිසක් විසින් විශ්වමඩු, උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී බැරලයක බහා තිබූ මෙම පුපුරණ තොගය සොයා ගෙන ඇත.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශයේ අදාල පුපුරණ ද්‍රව්‍ය තොගය පසු ප්‍රයෝජනය සඳහා අතහැර දමා ගොස් ඇති බවට නාවික හමුදාව විසින් සැක පළ කරයි.
සොයාගත් අදාල පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මඟින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ අගෝස්තුවට කල්යන්න ඉඩ තියෙන බවයි ආරංචි වෙන්නේ... ඉතින් මේවා දැම්ම එළියට දාන එක පාඩුයි නේද?
වස විස නැති, බෝම්බ වැළලී නැති ලංකාවක් ඕනේ. යුරෝප්ප සංගමය (පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි) ලංකාව අල්ල ගත්තේ රාජ්‍ය බිදිමින්. මට හිතෙන්නේ වඩුග රජවරු රාජ්‍යත්වයට පත්කිරීම පිටිපස්සේ ඇත්තේද යුරෝප සංගමය කියලයි... ලංකාවට විදේශීය රජවරු (වඩුග රජවරු) ගෙන එමෙන් දේශීය රාජ්‍යත්වය සහ පාරම්පරික දේශපාලනය අමතක කරවීමෙන්, නව පාලන ක්‍රමයක් හඳුන්වා දීමට හැකි තත්වයක් වඩුග රජවරු හරහා සිදු කලාද කියා සිතෙනවා. ඉතිහාසයේ යුරෝප්ප සංගමයේ මෙම රාජ්‍යන් තුන එකිනෙකට ප්‍රතිවාදීන් වුවද සිදුකරන වෙළඳ ගනුදෙනු හරහා අදහස් හුවමරු සිදු නොවුනේ යැයි සිතිය නොහැක. ඒ කෙසේවතත් ලංකාව තව දුරටත් එක එක රජ්‍යන්ගේ කෙටවිලි වලට හසු නොවී, විවිදත්වයක් ඇති, යුද්ධ නොකරන, මිනිස්සු මරා නොගන්න, රටක් වුනොත් හොඳයි. එමගින් බෝම්බ වැළලී ඇති බිම වෙනස්වී සරු ලස්සන බිමක් වුනොත් හොඳයි.
ඡන්දෙ කිට්ටුවෙද්දී තව තව බඩු හම්බ වෙයි.