
(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්සවීමකට ලක් කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ මෙම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියකු හදිසියේම අසනීප වූ නිසා , ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබූ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබේ .
අනතුරුව එම ගුවන් මගියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල් ගත කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථයට කිසිම ප්‍රශ්නයක් නැතිව ලෝකයේ තිබෙන ඕනෙම මගී හෝ භාණ්ඩ ගුවන් යානයක් බස්සවන්න පුළුවන් ආකාරයට ගුවන් ධාවන පථය දැනට වසර 8 පමණ පෙර නවීකරණයට ලක් කළා. ගුවන්තොටුපලේ තිබෙන එකම ප්‍රශ්නය පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත වරින් වර නවීකරණයට ලක් කළත් දුර්වල සැලසුම් කරණය නිසා, පොදු ප්‍රවාහනය ඇහිරී, විශාල වාහන තදබදයක් නිර්මාණය වීම...