(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලය පුරා ඇතිවූ ප්‍රමාදය නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

ඒ අනුව මෙම ගෙවීම් භාණ්ඩාගාර අනුමතිය ලබා ගෙන  කොටස් දෙකකින්  කරන බවද ඔහු කීවේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

භාණ්ඩාගාරය මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදවී ඇති හෙයින්  විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.