IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලය පුරා ඇතිවූ ප්‍රමාදය නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

ඒ අනුව මෙම ගෙවීම් භාණ්ඩාගාර අනුමතිය ලබා ගෙන  කොටස් දෙකකින්  කරන බවද ඔහු කීවේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

භාණ්ඩාගාරය මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදවී ඇති හෙයින්  විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.



අදහස් (3)

විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්

seelawathee Friday, 11 November 2022 12:33 PM

මරළතෝනිස් සුබ ආරංචියක් ගෙනැල්ලා...!

:       0       1

nimalFriday, 11 November 2022 06:02 PM

ආරම්භ කරන්නා වූ දිනයක් නොමැතිව ලබාදෙන්නා වූ ආරංචියක් සුබ ආරංචියක් නොවේ...!

:       1       1

චමින්ද Friday, 11 November 2022 12:39 PM

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත්කිරීම කරන්න කියලා කියනවා. 2015 වැටුප් වැඩිවීමේ වාසි ඉන් පෙර විශ්‍රාම ගත් අයට ලැබුණේ නැහැ. 2019 ඉතාමත් සුලු වැඩිවීමක් දුන්නත් එය හරියට ගණන් නොබලා දුන්නා කියන්න පුළුවන්.. මොකද මගේ නෝනාට එහෙම එකක් කරලා තියෙනවා. කොටින්ම කිව්වොත් සමාන තනතුරේ සමාන වැටුප් ලැබූ දෙදෙනෙක්... දහස් ගණනක් විෂමතා ඇතුව විශ්‍රාම වැටුප් ගන්නවා. මටත්, මගේ වැටුප් ගැන සැකයක් තියෙනවා. මෙවර එහෙම වුනේ ඇප් එකක් හරහා කටයුතු කිරීම නිසා කියන්න පුළුවන්... 2019ට පෙර කළා වගේ සංශෝධනය කළානම් වරදින්නේ නැහැ. ඒ ගැනත් ඇමැතිතුමාගේ අවධානයට යොමුවේවා..! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site