
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට අද (24) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත විශ්‍රාමිකයන් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.
COMMENTS
ඩොලර් කෝටි ගණන් වලට විදලා ඩොලර් තුන ගානේ මිනිස්සුන්ට බෙදන්න යන්නේ ?නිකන් නෙමෙයි ඉස්සරහට අවුරුදු ගානක් සුද්දෙ දෙන්න චන්දෙත් ඉල්ලලා
චන්ද්‍රිකා ආණ්ඩුව පත්වීමෙන් පසුව එවකට පැවති ලිපිකරු සේවය සදහා බරපතළ ලෙසට වැටුප් විෂමතා ඇතිකරමින් කටයුතු කල අතර මහින්ද ලොක්කො එය 2006 වැටුප් චක්‍රලේඛ මගින් උසුලාගන්න බැරි ආකාරයට විෂමතා ඇතිකලා .ඒ නිසා දැනට විශ්‍රාම ලබා සිටින ලිපිකරු සේවයේ හිටපු පළමු ශ්‍රේණියේ හා විශේෂයෙන් අධිශ්‍රේනියේ හිටපු අයට එකම කාර්‍යාලයේ හිටපු කාකාස තනතුරු දැරූවන්ට වඩා අඩු විශ්‍රාම වැටුප් ලබන්න වෙලා තියෙනවා. දේශපාලන හිතවතුන්ට පුද්ගලික වනසේ වැටුප් දුන්නාට විශාල පිරිසක් කුඩම්මාගේ සැලකිල්ල වත් නොමැතිව සිටීම ගැන අවධානයට යොමුවේවා
ඔන්න ඡන්දෙ කිට්ටුවෙනකොට විශ්‍රාමිකයිනුත් මතක්වෙලා. සැප්තැම්බර් දෙනවයි කියන්නේ මේ දවස්වලම දුන්නොත් ඡන්ද අල්ලසක් වෙයි කියල බයට වෙන්න ඇති. ලැබෙන්නෙ සැප්තැම්බර් නම් ඒක අතට ලැබෙනකම් විශ්වාස කරන්න අමාරුයි.
ලැබෙන දේවල් ස්තුතියි කියලා ගන්න.ඔබගේ දරුවන්ගේ ,මුණුපුර මිනිපිරියන්ගේ අනාගතය ගැන හිතලා ඔබලාගේ වටිනා චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න
දෙනවයි කියන්නේ චන්දේ ඉවර උනාම නේද ? එතකොට දෙන්න විදියක් නැහැයි කියන්නත් බැරි නැහැනෙ ?