(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රාජ්‍ය බැංකුවක් හඳුන්වා දී ඇති ගුරුසෙත ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර සහ ගම්පොල යන ප්‍රදේශවල පිහිටි බැංකු ශාඛා දෙකකින් ව්‍යාජ ලේඛන ලේඛණ සකස් කර රුපියල් 42,055,000ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් රහස් පොලීසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඳගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරියකි.

මෙම සැකකාර විදුහල්පතිවරිය ව්‍යාජ ලේඛණ සකස් කර 26 වතාවකදී මෙම මුදල එම බැංකු ශාඛා දෙකෙන් වංචාවෙන් ලබාගෙන ඇති බව රහස් පොලිසිය පවසයි.