(රන්ජන් කස්තුරි)
මැතිවරණ කොමිසන් සභාවට අලුතින් සභිකයන් පත්කිරීමේදී විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කීපදෙනකුම ඊට පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.
මැතිවරණ පැවැත්වීම පිළිබදව අත්දැකිම් බහුල නිලධාරීන් මැතිවරණ කොමිසමට පත්කිරීමේ අවශ්‍යතාවය පාර්ශ්ව කීපයක්ම රජයට පෙන්වා දී අැතැයිද ඒ අනුව රජයේ පාර්ශ්වත් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සාමාජිකයන් ඒ පිළිබදව වඩාත් සැලකිල්ලක් යොමුකර ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් ලෙස පත්වීමට අපේක්ෂා කරන්නනන්ගේ අයැදුම්පත් බාරගැනීම අද (15) දිනෙන් අවසන් වන අතර ඉන්පදුව මැතිවරණ සොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කරනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්වීම සදහා විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කීපදෙනකුම ඉල්ලුම් කර ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයානන්ද දිශානායක මහත්තයව දාන්න.. එතකොට බලා ගන්න පුලුවන් රනිල් පී ට නටන්න වෙන්නෙ කාගෙ පදේටද කියල..