
විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ හයක් අද (08) දා සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මත්තේගොඩ බස් නැවතුම්පොළ අසල කලාකරු මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විශ්‍රාමික පොලිස් නිලධාරියාට අයත්ව ඇති අතර එහි කිසිවකු නොමැති නිසා වසා දමා තිබේ.
එහෙත් ඔහු එම නිවසට ලැබෙන ජල හා විදුලි බිල්පත් හා ලිපි පරීක්ෂා කිරීම සඳහා එම නිවසට පැමිණෙන අතර අද උදෑසන ද පැමිණ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තමා නොදැමූ ඉබ්බෙකු ඊට දමා තිබීම නිසා සැක සිති යාබද නිවසක තරුණයකු සමග ලියුම් පෙට්ටියේ ඉබ්බා කඩා පරීක්ෂා කිරීමේදී ඒ තුළ මෙම ජීව උණ්ඩ තොගය තිබෙනු දැක තිබේ.
ඒ අනුව මත්තේගොඩ මධ්‍යම ඒ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක විසින් සිද්ධිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ඒ තුළ ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ හයක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශ්‍රාමික අයි.පී ගේ නිවසේ ලියුම් පෙට්ටියේ ජීව උණ්ඩ පනස්තුනක්