
(යොහාන් භාසුර)
රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ලබන වසරේ අයවැය මගින් කළ යෝජනාව සම්බන්ධයෙන් සයවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එසේ දන්වා තිබේ.
වර්තමාන විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකිරීම, ජාතික විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවා රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු අනත්දරු වැටුප් දායක මුදල් එම අරමුදලට යොමු කිරීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස විධිමත් වැඩපිළිවෙළකට අනුව පමණක් කිරීම සහ දැනට පවතින උපරිම වයස් සීමාව අවුරුදු 62 දක්වා තෝරාගත් සේවකයන් සඳහා පමණක් දීර්ඝ කිරීම එම යෝජනාවට ඇතුළත් වේ.
අනිවාර්ය විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට සමගාමීව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශය තුළ ලබාදී ඇති සියලුම සේවා දීර්ඝ කිරීම් වාහාම අවලංගු කිරීම සහ රාජ්‍ය සේවකයන්ට කිසියම් නිෂ්චිත කාලයක් සඳහා විදේශ සේවයේ, පුද්ගලික අංශයේ සේවයේ සහ වෙනත් සුදුසු ව්‍යවසායක නියැලීමට වැටුප් රහිත නිවාඩු ලබාදීම සහ එම වැටුප් රහිත සේවා කාලය නිලධාරියාගේ විශ්‍රාම වැටුප් ගණනයට අදාල කරගත හැකි වන පරිදි සුදුසු ක්‍රමවේදයක් හදුන්වාදීම යන කරුණු එම යෝජනාවලියේ සෙසු යෝජනා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒක ඇත්ත. පුළුවන් නම් රජයේ සේවක සංඛ්‍යාව 30%ක් වත් තව අඩු කරන්න. වැඩි හරියක් අයිස් කාරයින්...
පාසල් වලින්, විශ්ව විද්‍යාල වලින් එළියට එන දරුවන්ට රැකියා පහසුකම් සපයන්න විශ්‍රාම කාලය 55ම තියාගෙන රජයේ සේවක සංඛ්‍යාව 50% අඩුකරන්න.
ඔය සංගමේ කිසිවෙකුට දේශපාලන අයිතියක් නැතත් යහපාලනය කාලයේ රජයට විරුද්ධව පෙළපාලි ගිය බව මතකයි. ඒ කාලේ හිටපු අගමැති සැමදා කිව්වේ විශ්‍රාම ගෙවීමට අරමුදලක් (දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කල යුතුය කියලා ) ඇති කළ යුතුයි කියලයි.. දැන් හරි ඔබලාට රනිල්ගේ අදහස තේරුම් ගැනීම අගය කරමු...
උපතේදී ආයු අපේක්ෂාව අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශවල විශ්‍රාම යාමේ වයස තීරණය කිරීම ජාත්‍යන්තර ප්‍රවණතාවයක්... අපේ රටේ වියපත් ජනගහණය සීඝ්‍රයෙන් වැඩි වෙන නිසාත්, ශ්‍රමිකයින් සහ යැපෙන්නන් අතර මනා අනුපාතයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය නිසාත්, රාජ්‍ය අංශයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා දීර්ඝ කිරීම ඉතාමත් කාලෝචිත යෝජනාවක්... දැනටමත් ලෝකයේ බොහෝ රටවල විශ්‍රාම වයස 65ට වැඩියි. හැබැයි කැමති අයට 55 න් විශ්‍රාම යාමේ අවස්ථාව තිබිය යුතුයි. වැඩ කරන්න කැමති, නිරෝගී ශ්‍රමිකයන් අඩු වයසෙන් විශ්‍රාම ගන්වන එක අපරාධයක්...
ඔන්න කාලෙකට පස්සේ සංගමේ ඇහැරිලා. මෙපමණ කල් හොරට නිදාගෙන හිටියේ... සංගමේ කට්ටියගේ බඩට වදිනකොට නැගිටිනවා. යහපාලන කාලේ නම් දිනපතා විරෝධතා...
පැරණි විදිහටම හිත හිත ඉන්නැතුව අද ලෝකයේ දියුණු රටවල් ආදර්ශයට ගනිමු. මේක කාලෝචිත යෝජනාවක්...
පරිපාලන සේවයේ කට්ටිය 55න් යවන එක හොඳයි. ඒත් අනික් තාක්ෂණික වැදගත්කමක් ඇති සේවාවන්වල නිලධාරීන්ගෙන් රටට උපරිම සේවයක් ගැනීමට 65 දක්වා දීර්ඝ කිරීම හොඳයි.
රාජ්‍ය සේවය තියෙන්නේ රැකියා දෙන්නමද? ඵලදායිතාවය වැදගත්... ඒ නිසා ඵලපුරුදු නිලධාරීන්ගේ කුසලතාවයන් 65 දක්වා ලබාගැනීමට ගැටළුවක් වෙනවද?
රජයේ විශ්‍රාම වයස 65 කරනවා නම් අනිවාර්යයෙන්ම රජයේ දෙපාර්තමේන්තුවලට 1990 සුව සැරිය ගිලන් රථයක් අනුයුක්ත කරන්න. නැතිනම් රාජකාරි කාලසීමාව තුළදීම හෘදයාබාධ, රුධිර පීඩන, දියවැඩියාව උත්සන්න වීම්, දෙපා වාරු නැතිව ඇද වැටීම් මගින් මියයන සේවක සංඛ්‍යාව ඉහළ යා හැකිය.. රජයේ රියදුරු ශ්‍රේණියෙන් 65 දක්වා සේවය ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් ඔහු සමග සේවයේ යෙදෙන නිලධාරීයාට හෝ නිලධාරිනියට විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න...
පරිපාලන සේවයේ නිලධාරීන්ට 55 සීමාව හොඳයි... හළ තනතුරුවල වයසක නිලධාරීන් දේශපාලනෙන්, තනතුරු හදාගැනීමෙන් රට අවුල් වෙලා...