(මනෝප්රිය ගුණසේකර)
නීතීපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ්‍රාම යෑමට ඉල්ලීමක් කර දින කිහිපයක් ඇතුළත එම ඉල්ලීම ඉල්ලා අස්කර ගෙන ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නියමිත කාලයට පෙර සොලිසිටර් ජනරාල් ධුරයෙන් විශ්‍රාම යෑමට කළ ඉල්ලීම රාජ්‍ය සේවා කොමිසමට යැවීමට පෙර ඉල්ලා අස්කර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නීතීපති දෙපාර්තමෙන්තුවේ සේවය කරමින් සිටි වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්කළ අතර දේශපාලනඥයින්ට නඩු පැවරීම් පිළිබඳව ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්ව යළි නීතීපති දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියාය.
මේ වන විට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතීපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා වශයෙන් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරයි.
එසේ සිටියදී නියමිත කාලයට පෙර විශ්‍රාම යෑමට වික්‍රමසිංහ මහත්මිය නීතීපතිවරයා වෙත අයදුම කළ අතර එම අයදුම බාරගත් නීතීපතිවරයා ඔහුගේ නිර්දේශයන් ද සහිතව එම අයදුම රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
නීතීපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයෙන් එම අයදුම රාජ්‍ය සේවා කොමිසම වෙත යැවීමට පෙර වික්‍රමසිංහ මහත්මිය නීතීපතිවරයා වෙත යළිත් ඉල්ලීමක් කරමින් නියමිත කාලයට පෙර විශ්‍රාම යෑමට අයදුම් කරමින් තමන් ඉදිරිපත් කළ අයදුම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා නීතිපතිවරයා අවසර දී ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එම උත්සහයන් ව්‍යර්ථ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් කරපු වැඩවල හැටියට අලුත් ආණ්ඩුව අාවම අස්වෙලාම යන්න වෙනවනේ...
රටේ අවාසනාව එතුමිය ජනාධිපතිවරණයට කන්ටෙස්ට් කරලා දිනුවා නම් මේ රටේ ‘‘රූල් ඔෆ්ද ලෝ‘‘ හරියට තියේවි.
අපට හිටපු හොඳම අල්ලස් සහ දූෂණ කොමසාරිස්තුමිය මැයයි. ඇය තමන්ට අයත් රාජකාරි බොහොම ක්‍රමානුකුලව කරගෙන ගියා. අන්තිමේදී.. මේ ලෝකයේ ඉන්න දූෂිතම අයගේ අල්ලස් නඩු විභාග කිරීමට ගත්විට ඔහු පැමිණියේ නැහැ. කීප වතාවක් පැමිණෙන්න කීවත් ඔහු කිවේ .." ඕවාට වැඩිය මට පාර්ලිමේන්තුවේ වැඩ තියෙනවා" කියලයි. අන්තිමට ඔහු රටේ ඉහළම ඉන්න මෝඩ පාලකයාට ගිහින් කීවා.."මේ ගෑනි මට නිතරම කරදර කරනවා සර් , අනේ ඔය ගෑණු කෙනාව ඔය ජොබ් එකෙන් එළවලා දාන්නකෝ " කියලා. මේ ප්රශ්නය යන අතරේ එතුමියට වැටහුණා සිදුවෙන්න යනදේ. ඊට කලින් වැදගත් විදිහට එතුමිය ඒ රැකියාවෙන් ඉල්ලා අස්වී නැවත නීතිපති දෙපාර්තමේන්තුවට ගියා. අදටත් ලංකාවේ මිනිසුන් බොහොම ගරුකරන චරිතයක්...
කාෙහොම නමුත් මෙයාගේ පැටිකිරිය පෙන්නුවා.
අපි ගරු කරන චරිතයක්
ආණ්ඩුව වෙනස් උනාම එන ආණ්ඩුවේ කකුලෙන් අදින්න කට්ටිය නැතිවෙන නිසා අයින් වෙන්න එපා කියන්න ඇති මගේ හිතේ?
ඒක හොඳයි නංගියේ. ඉල්ලුවොත් ඇපත් නැතිවෙනවා...!
මම නම් හිතන්නේ මෙතුමිය ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්ට තමා ඉල්ලා අස්වෙලා තියෙන්නේ. කාගේ හරි ලණුවක් කාලා ලියුම දුන්නත් පස්සේ ඉල්ලා අස්කරගත්තේ පැරදුනොත් ෆොන්සේකාට උන දේම මටත් වුනොත් කියලා බයට. හොඳ වෙලාවට කවුරුහරි උපදෙස් දීලා ඇති වහාම ලියුම ඉවත් කරගන්නට කියලා...
හරියට වැඩ කලොත් හුඟ දෙනෙකුට රිදෙනවා. පොදු නියමයක්. අලුත් ආණ්ඩුවක් කොහොම වෙතත් හොරකම් කල සහ උදව් දුන්න එවුන් මේ වගේ අය එක්ක තරහ තමා.