(සුජිත් හේවාජුලිගේ)
විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව ඒ අවුරුදු හැට දක්වා අඩු කිරීමත් සමඟ එම කාලය තුළ වයස අවුරුදු හැටි සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරු බදු සහනය ලබාදීමට නියමිතය.
පසුගිය 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීකම් ප්‍රදීප් අසරත්න මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්වේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනෙක් තීරු බදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර දෙන ලෙසට කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධය කරන්න එපා.
රනිලුයි, හොරුයි රට ගැන හිතනවාද?
මොවුන් කනවා බොනවා, ලංකාවේ අය නටනවා.!
හරි.... උඹලා දීපල්ලා.....අපිනේ ගෙවන්න ඕනේ... ඒ ගෙවීම කරන්නම් ඡන්දෙදි....කාළකණ්නි...
මේ සටහනේ තුන හා හතර පේළිවල තියෙනවා, දියවන්නා හොරු මේ රටට ගහපු ගේම්වල අනුපිටපත. ඔන්න ඔහොමයි මොවුන් වංගු ගහලා සේරම අයට හදා ගෙන පොදු මිනිස්සුන්ට අතපල්ලෙන් වැටෙන කටු කන්න පුරුදු කරේ...
පෙන්ෂන් එක මාසෙ බෙහෙත් ටිකටයි, ගෙදර වියදමටත් මැදිකොට තව කොහෙද කාර් ගන්නේ, පර්මිට් එක විකුණන්න තමයි වෙන්නේ.
බංකොලොත් රටක කරන මේ වැඩේ හරිද
මෙම පහසුකම සුදුසුකම් ලැබු නිලධාරින්ට 2001 සිට 2005 දක්වා අහිමිකලා. එහෙත් 2006 රජය වැඩිකළ වැටුප (විශ්‍රාම) වත් ඉහත නිලධාරින්ට නොගෙවූ අතර මෙම වාහන පර්මිට් එකද ලබාදුන්නේ නැහැ. මෙවර විශ්‍රාමගිය පිරිසකට මෙම වාහන පර්මිට් ලබාදෙන අතර ඉහත සඳහන් එක් පිරිසකට එය දිගටම අහිමි වී ඇත.
ඊළඟට මංත්‍රිලාට ජයවේවා
මේ රට බංකොලොත් කරපු අසික්කිත කාලකන්නි නිලධාරීන්ට විකුණගෙන කන්න වාහන පර්මිට් ? හෙනම ගහනවා තොපිට !!!
ණය නොගෙවා ඉතුරු කරගන්න සල්ලි ටිකත් නම් බෙදාගන්නවා.
වාහන බලපත්‍ර දෙන්නේ එම වාහන උපයෝගී කරගෙන ජනතාවට සේවය කරන්න විශ්‍රාම ගිය පුද්ගලයින්ට වාහන බලපත්‍ර අවශ්‍ය නොවේ... කරුණාකර මේ වරද කරන්න එපා...
කිසිම වැඩකට නැති රටේ මුදල් නාස්තු වෙන තීරණය අරන් රටකට මොනවා වෙයිද? ඕකද දැන් ලොකුම ප්‍රශ්නය මේ රටේ ? ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක්
බලපත්‍රය අද මෙන් ඔවුන් හදන රට වෙනුවෙන් සියල්ලන්ටම මුදලින් මිලියන 35 කට විකුණනු ලැබේ.
අපි රටට ඩොලර් එවන්නේ එක එකාට කාර් ගේන්න නොවෙයි. සත පහක් එවන්නේ නැහැ. උන්ඩියල් ක්‍රමයෙන් අපි ගෙවල් වලට සල්ලි එවන්නම්.