(ඉන්දිකා රාමනායක)
2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදුවේ යැයි ප‍්‍රවීණ නිරූපිකාවක අද ( 5) අලූයම කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළාය.
තමාට පැළඳු කිරුළ මෙලෙස බලහත්කාරයෙන් වෙනත් තරගකාරිනයකට පැළඳුවේ යැයි රූ රැජින තරගය නිමාවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය මාපියන් සමග අද අලූයම 2.00 ට පමණ කුරුඳුවත්ත පොලිසියට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
සිද්ධියට මුල් වු බව කියන ලෝක විවාහක රූ රැජින ඇතුලූ පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඇය අද පස්වරුවේ කුරුදුවත්ත පොලිසිය කැදවා ඇතැයි ද පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දෙ නියම කෙනාට නෙමෙයි ඒක ලැබිල තියෙන්නේ.
මේකට පොලිසිය මොනවා කරන්න ද ? මෙතැන අපරාදයක් වෙලා නෑ. නමුත් කිර්තිනාමයට වුණ හානියට නීතිමය පියවර ගන්න පුළුවන් පොලිසියට මේක සමත මණ්ඩලයට යොමු කරයි.