IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


’’වව්නියාවෙන් T56 ගෙනාවේ බ්ලූමැන්ඩල් කසුන් මරන්න’’

(ගයාන් සූරියආරච්චි)

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සංවිධානාත්මක් අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් කසුන් නැමැත්තා ඝාතනය කිරීමට ගිනි අවිය රැගෙනවිත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

ඩුබායි හි සැගවී සිටින මිල්ක් නොහොත් ප්‍රවීන් නැමැත්තාගේ මෙහෙයවිම මත එම ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය වව්නියාවේ සිට බස් රථයකින් කොළඹට රැගෙන විත් තිබූ අතර එම ගිනි අවිය තවත් පුද්ගලයන් දෙදෙනකුට බාරදීමට තිබිය දී කුලී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, උණ්ඩ 30 ක් , පතොරොම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5650 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුගෙන් ලබාගන්නා ලද තොරතුරු අනුව වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෙට්ටිකුලම්, නේරියකුලම් ප්‍රදේශයේදී අත් බෝම්බ 86 ක් හා උණ්ඩ තොගයක් සමග සැකකරුවකු ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ මහතාගේ මෙහෙයවීම පරිදි කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (1)

’’වව්නියාවෙන් T56 ගෙනාවේ බ්ලූමැන්ඩල් කසුන් මරන්න’’

fairoos Wednesday, 23 July 2025 06:41 PM

අම්මෝ අත් බෝම්බ 86ක්? පොලිසිය නිදිද මන්දා?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site