
(රොමේෂ් මධුෂංක)
වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයන් 28 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24 වැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් 30 දෙනාගෙන් මෙලෙස 28 දෙනකුම කොවීඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.
අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයන් දෙදෙනකුට හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පසුව පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.
පසුව අනාවරණය කරගත් තොරතුරු මත අදාළ නිසසේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයන් 30 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මුල් දෙදොද සමගින් මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනාගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වවුනියාවේ අවමඟුලකට ආ තිහෙන් විසිඅටකට කොරෝනා
Sriland Wednesday, 01 September 2021 02:38 AM
කොරෝනා හැදිලා නම් කොහොමද මගුල් ගෙදර යන්නේ...? මේ නිවුස් එක හොඳම උදාහරණයක්... කොරෝනා කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න.