
(පද්මසිරි ගාර්දියවසම් )
වීරවිල වැවට ගොස් අතුරුදන්ව සිටි යුද හමුදා සෙබෙළෙකුගේ මළ සිරුර අද (18) පස්වරුවේ සොයාගත් බව පොලිසිය පැවසීය .
ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් වීරවිල රන්දුණු වත්ත නිවාඩු නිකේතනයේ සේවය කරන මෙම යුද හමුදා සෙබෙළා ඊයේ (17) සවස වීරවිල වැව දෙසට යන බව පවසා පිටව ගොස් ඇති අතර නැවත ඔහු නොපැමිණි බැවින් වෙනත් යුද හමුදා සෙබෙළෙකු ඔහු අතුරුදන් බව පවසා වීරවිල පොලිසියට අද (18) උදේ පැමිණිලි කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ ,කුඹුක්වෙල පදිංචි කේ.ඩී.අජිත් පේමරත්න නමැති හැවිරිදි යුද හමුදා සෙබෙළෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd