(නිමල් ජයරත්න)

පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම අසලදී,10 වෙනිදා රාත්‍රියේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් 43 වියති තිදරු පියෙකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වාලච්චේන, එරාවුර් ප්‍රදේශයේ පදිංචි එම්.මූනාෆ් යන අය බව පොලිසිය පවසයි.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය මහවැලි පාලම අසලදී ඔහු මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී තිබේ.

මීට මාස පහකට පෙර ඔහු මනම්පිටිය පාලම අසල කිරි වෙළෙසලක කුලී වැඩට පැමිණ ඇත.