(යොහාන් භාසුර)

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (5) පැවැති නාවික හමුදා පිල සහ මහනුවර පිල අතර පළමු කොටසේ රග්බි තරගයේ තරග අධ්‍යක්‍ෂවරයාට පහරදීමේ සිද්ධිය හේතුවෙන් එම තරගාවලියේ නාවික හමුදාව සහභාගි වන ඉදිරි සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි තීරණය කළ බව එහි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා අද (7) පැවසීය.

මෙහිදී තරග තීරකවරයාට පුද්ගලයන් කීපදෙනෙක් පහර දුන් අතර එම සිද්ධිය පිළිබඳව තරගාවලි කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා රග්බි නියෝජ්‍ය සභාපති විශ්‍රාමික ගෲප් කපිතාන් නලින් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රග්බි පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.