(රෝෂන් තුෂාර)
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපිය් මිලියන පහක ශරීර ඇප පහක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කළාය.
අල්ලස් කොමිසම නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උදේනි අතුකෝරල එසේ ඇප මත මුදාහරියේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කළාය.
පැමිණිලිකරුගෙන් අවස්ථා කීපයකදී රුපියල්. 5480000.00 හා සැකකරුගේ ගෙමිදුලට ඇල්ලීම සඳහා කුට්ටිගල් මිලදී ගැනීමට රුපියල් 12 50 000.00 ක අතිකාරම් මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
Pweerasinghe Friday, 09 May 2025 07:00 PM
එයා විතරක් නෙමෙයි ලංකාවේ ඔක්කෝම පළාත් සභා මන්ත්‍රීවරුන් අල් අරන් තියෙන්නේ. එකෙක් නෑර අත්අඩංගුවට ගන්න ඕනේ...
kalu Saturday, 10 May 2025 04:17 AM
පල් හොරෙක්. ඒ වගේම තක්කඩියෙක්... ප්‍රාදේශීය සභාවට එනකොට තිබුනේ ෆුට් බයිසිකලයක් විතරයි . අනිවාර්යයෙන්ම අවුරුදු 20 කට විතර හිරේ දාන්න ඕනෑ. මහින්දගේ පොඩි පුතා කියලයි මෙයා තමන්ව හඳුන්වා ගත්තේ...