IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9) අත්අඩංගුවට ගනු ලැබීය.

2018 සිට 2022 වර්ෂය දක්වා කාලය තුළදී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් සිටියදී විකිණීම සඳහා සංවර්ධනය කරමින් තිබූ ඉඩමකට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදලක් ලබා ගැනීම සහ කොන්ත්‍රාත් සමාගමකට රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් පැමිණිලිකරු ලවා ගෙවීමට සැලැස්වීම සම්බන්ධයෙන්  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදල අවස්ථා කිහිපයකදී විටින් විට ලබාගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව එම කොමිෂන් සභාව කියයි.

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  වැඩි දුර විමර්ශන සිදුකරයි



අදහස් (0)

වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26706 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18165 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 618 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 181 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site