(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින්ට ඇප ලබාදීමේදී අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකළැයි චෝදනා ලැබූ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසයට මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුකිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන මාරු කරාට පුද්ගලයාගේ ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. කලයුත්තේ නිවැරදි කරු වෙනකම් ගෙදර යැවීම නොවේද.?
හිසරදයට කොට්ටය මාරැකිරිම
එ්කත් පහත් තැනින් බැහැලා යවලා වගේ.. එතකොට නඩුකාරයා... පොලීසියේ දැඩි විරෝදය නොතකා උන්ව නිදහස් කලේ නඩුකාරයා කියලා පොලිසිය දන්වා තියෙනවා. අධිකරණ කොමිසම් සභාවටත් එතකොට එහෙම නම් දඬුවම් කළයුත්තේ නඩුකාරයට නේද මේවා කැකිල්ලේ තීන්දුනේ...
මොහුව වහාම අත්අඩංගුවට ගන්නේ නැතිව මාරුවීම් දීලා... එහෙනම් අැයි තඹ කම්හලේ කට්ටිය අත්අඩංගුවට ගත්තේ? වෙන පළාතකට අරින්නේ නැතිව කවුද මේ අය රටේ නීතිය බල්ලට දමන පොලිස් ස්ථානාධිපති මෙහෙම නම් කරලා... තියෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්... මොකද මේ රටට වෙලා තියෙන්නේ? මහා උන්ට ඕනෑ විදියට නීතිය වැඩ කරන්න බැහැ. සේරම මිනිස්සු වැඩ කරන්නේ පඩියට, වැටුපට. එහෙම එකේ නීතියත් එකයි. පට්ටම් තිබුණාට වැඩක් නැහැ. ඔය පට්ටම් නිසා රට විනාශ වෙනවා. මේ අසාධාරණ කැතවැඩ නතර කරන්න.
මේ ආණ්ඩුව මොන දේද හරියට කලේ?