IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වැල්ලම්පිටියේ කුණුගොඩකට දමා ගිය අම්මටයි තාත්තටයි කොරෝනා

(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)

කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණවලදී තහවුරු විණි යැයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සරත් මල්ලවආරච්චි මහතා පවසයි.

ඉතා අසරණ තත්වයේ සිටි මෙම වයෝවෘද්ධ යුවල සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාරදීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණයක් කළ යුතු බවට වැල්ලම්පිටිය පොලීසියෙන් කළ දැනුම්දීමක් මත ඔවුන් දෙදෙනාට පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකළ බවත්, එහි ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වූ බවත් ඔහු සඳහන් කරයි.

මෙම යුවල රාත්‍රී කාලයේදී මෙහි ගෙනැවිත් දමා ඇති බවත්, ඔවුන් කතා කරගැනීමට ද නොහැකි තරම් දුර්වල බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

මෙම දෙදෙනාට අවට ජනතාව විසින් ආහාර පාන පවා ලබා දී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද සොයා බලා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් සරත් මල්ලවආරච්චි මහතා කීවේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (8)

වැල්ලම්පිටියේ කුණුගොඩකට දමා ගිය අම්මටයි තාත්තටයි කොරෝනා

විපරමා Tuesday, 18 May 2021 01:06 PM

මෙහෙමත් පව්කාර මිනිස්සු... හෙන ගහන වැඩ.

:       1       81

samanTuesday, 18 May 2021 06:50 PM

කව්ද බොල මේකට අන්ලයික් කළේ?

:       0       0

hima Tuesday, 18 May 2021 07:25 PM

අපේ රටේ ඉන්න බහුතර හැතිකරේ දෙමව්පියන්ගේ දේපල හරි මොනවා හරි තියෙනවා නම් ඒවා ලියවාගෙන දෙමව්පියන්ව වයසට යනකොට පාරට ගිහින් දානවා. මුන්ට හිතක් පපුවක් නැද්ද?. මොනවද ඉගෙන ගෙන තියෙන්නේ...? මේ අපේ රටේ පාසලේ ඉඳලා උගන්වන්න ඕන මනුෂ්‍යයෙක් විදියට ඉපදුණා නම් ස්වශක්තියෙන් නැගී සිටීමට. අනුන්ගේ දේවලට බලා ඉන්නේ නැතුව.

:       0       0

chandima Tuesday, 18 May 2021 09:54 PM

මේ ගෙනත්දාපු කෙනාගේ නම, ගම, ඡායාරූපය පුවත්පතින් හෙළිකළොත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. !!!

:       0       0

Shantha Tuesday, 18 May 2021 10:32 PM

මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.

:       0       0

මුණසිංහ Wednesday, 19 May 2021 01:13 AM

මේ දෙමාපියන් තම දරුවන් කවුදැයි හෙළිදරව් කළේ නැහැලු. දෙමාපිය සෙනෙහස පිළිබඳ තවත් අටුවා, ටීකා අවශ්‍ය නැහැ නේද? ඒ මවුහත් බව මෙයාලගේ ළමයින්ට නැත්තේ ඇයි?

:       0       0

de silva Wednesday, 19 May 2021 02:26 AM

මගදමාගිය පුද්ගලයන් සොයා මොවුන්ට අවුරුදු 2-3ක්වත් බරපතල සිර දඬුවම් නියම කළ යුතුය. අනික් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.

:       0       0

y.p. wanaguru Wednesday, 19 May 2021 04:30 AM

මේ තරම් අකාරුණික වැඩ කරන මිනිසුන් සොයා බලා නිසි දඬුවම් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 31 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site