
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු අද (16 ) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රධාන ආගමික ස්ථානයක කපුවකු හා ආවතේව කටයුතු වල නිරත සැකකරුවන් දෙදෙනෙකු බව කියයි.
මිරිගම ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත අනුරාධපුරා ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් සමග එක්ව මෙම වැටලිම සදහා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනී.
ඒ අනුව වනජීවි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව හා අනුරාධපුර වනජීවි කාර්යාල වල නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිළධාරී නිතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අනුරාධපුරා කදවුරු නිළධාරීන් සමග ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත් අඩංගුවට ගැනිම සිදුව තිබුනී.
ටයිටැන් වර්ගයෙ වාලම්පුරී හා විශේෂිත බෙල්ලන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 ක මුදලකට මිළදී ගැනිමට ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් උපාය දූතයින් යොදවමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ඕන කෙනා විකුණනවා. ඕන කෙනා සල්ලි දීලා ගන්නවා... සමාජයට අහිතකර දේකුත් නොවේ නම් මොකක්ද හේතුව...?