(ප්‍රසන්න පත්මසිරි)
වැලිමඩ මිරහවත්ත ගම්මානයෙන් හමුවු කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයා සේවය කළ බණ්ඩාරවෙල නගරයේ හෝටයක කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමුකර ඇති බව බණ්ඩාරවෙල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පැවසීය.
පසුගිය 13 දින මෙම හෝටලයට පැමිණ දිනක් නැවතී සිටි බව කියන සංචාරක මග පෙන්වන්නෙකුගෙන් එම තරුණයාට කොරෝනා ආසාධනය වී ඇතැයි සැකකරන බවද හෙතෙම කීය
දිසානායක මහතා කියාසිටියේ හෝටලයේ සේවය කළ 54 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී හා හෝටලයේදි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කරන බවයි.
එයට අමතරව බණ්ඩරවෙළ නගරයේ සියලුම ස්ථාන සම්පුර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කිරීමටද අද(20) දින කටයුතු කරන බව දිසානායක මහතා කීය.
නගරයට පැමිණෙන සියලුම දෙනා මුඛ ආවරණ පැළඳ පැමිණෙන ලෙසද මහජන සෞඛ්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැලිමඩ ආසාදිත තරුණයා සේවය කළ හෝටලයේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට