IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලන්ටයින් තොරණට ජ‘පුර සිසුහු ගහ ගනිති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් පෙරේදා(14) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ තොරණක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල්කරගනිමින් පීඨ දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපලවලට දැඩි අලාභානි සිදු ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

පෙරේදා රාත්‍රී 11 පමන එම විශ්වවිද්‍යාලයේ නේවාසිකව රැදී සිටින තාක්ෂණ පීඨයේ සිසුන් හා කළමනාකරණ පීඨයේ සිසුන් අතර අතින් පයින් පොලු මුගුරු සහ ගල් වලින් මෙම ගැටුම හටගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැටුමෙන් නේවාසිකාගාරයේ ගේට්ටුවට දොරවල් දෙකකට සහ වීදුරු ජනේල වලට බරපතල අලාභ සිදු වී ඇත.

සිද්ධිය සැලවීමත් සමගම මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබිණි.

ඉඳිකරන ලද තොරණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මුල්කරගෙන මෙම බහින් බස් වීම දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇත.

ගැටුමට හේතුව එය වුවද ජනතා විමුක්ති පෙරමුණේ සිසුන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබූ බව අනතුරුව වාර්තා වූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

 



අදහස් (4)

වැලන්ටයින් තොරණට ජ‘පුර සිසුහු ගහ ගනිති

මාලන් Wednesday, 15 February 2023 05:20 PM

දැන් පොලිසිය ගැටුම් වලට සම්බන්ධ අයගේ පක්ෂේත් එක්කම හොයාගනවා ඉස්සරට වඩා දක්ෂයි අපේ පොලිසිය...

:       5       5

Vira Wednesday, 15 February 2023 05:30 PM

වැලන්ටයින් කියන තේරුම දන්නේ නැති මෝඩයින්....

:       2       8

Lal Wednesday, 15 February 2023 07:50 PM

ජෙප්පෝ සහ පෙරට්ටෝ... සටන පටන් ගත්තා විතරයි.

:       0       0

sunil Wednesday, 15 February 2023 08:22 PM

ජවිපෙ මේ රටේ බලයට ආවොත්, හැමදාම ගැටුම් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site