
(ඉන්දිකා රාමනායක )
වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙ තිබූ රටබීම බෝතල් 25 ක් සහිත පෙට්ටියක් අවස්ථානගත වී ඇතැයි සිද්ධියක් සම්බන්ධයෙන් වලච්චෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
අධිකරණයේ නඩු භාණ්ඩ බාර නිලධාරියා ඊයේ (10) මේ සම්බන්ධයෙන් වාලචිචේන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි .
මෙය කුමන දිනයක සොරකම් කර ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම සොරකම සිදුකළ ඇති බව කියන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අධිකරණයේ අතුරුදන් වුණු කෝටි ගාණක ඒවාට මොකද දන්නේ නෑ වුණේ...