(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වූ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පාතාල අපරාධකරුවකු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගාල්ල කුරුණෑගල සහ මාතර අධිකරණවල නඩු හයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවැසීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අද ඝාතනයට ලක්වුණා. පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම්වලින් මහජන ආරක්ෂාවට කිසිදු ආකාරයේ තර්ජනයක් මතුවී නැහැ. අපි දන්නා විදියට මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් කල්ලි හැටියට බෙදිලා ඉන්නවා. ඒ අය සතුව අවි ආයුධ තියෙනවා. ඔවුන් අතර ගැටුමක් තියෙනවා. ඒ ගැන විවාදයක් නෑ. මම මීට පෙරත් මේ ගැන කරුණු පැහැදිලි කළා. වැලිගම සභාපති මහජන නියෝජිතයකු බවට පත් වුණාට ඔහු පාතාල අපරාධකරුවෙක්. නඩු හයක් තියෙනවා. මාතර කුරුණෑගල ගාල්ල අධිකරණවල. ඒ වගේම අත්හිට වූ සිරදඬුවම් ලබල තියෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.
ඉන්දුනීසියාවෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් පිරිසක් මෙරටට ගෙනාවා. ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශනවල දී මොහු ළඟ අවි ආයුධ තියෙන බව අනාවරණය වෙලා තියෙනවා. එම පරීක්ෂණ දිගටම පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් උපයා ගැනීම පිළිබඳවත් නඩුවක් තියෙනවා.
පාතාල අපරාධකරුවන් අතර ගැටුම් පසුගිය කාලයේ ඇති වුණා. ඒ වගේ සිද්ධියක් තමයි මේක. මේ ආරවුල් මිනිස් ඝාතන බවට පත්වෙනවා. සමගි ජන බලවේගය කියනවා එතුමාලගේ පක්ෂයේ එවැනි අය නැහැ කියලා. මීට කලිනුත් මම නම් ගම් කිව්වා. මේ පුද්ගලයාත් ඒ වගේ අයෙක්. පාතාල හෝ වෙන කවුරුන් හෝ මිය යෑම අප අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත වටිනවා. මේක මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක්. විධිමත් විමර්ශනයක් කරනවා. මේ ඝාතනයත් අනුමත කරන්නේ නැහැ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘වැලිගම සභාපති පාතාලයෙක්‘‘
Nishan Thursday, 23 October 2025 10:01 AM
හොරාට කලින් කැන වැට පැනලා වගෙයි. අපි නොදන්න 87-89 ජෙප්පෝ.
එඩ්වඩ් Thursday, 23 October 2025 10:02 AM
මේ වගේ ඇමතිලා පොල් පිත්තකින් වුවත් කපා ගන්න පුලුවන්. මරා දැමුවාට පස්සෙ කියනවා. මෙයා "පාතාලයෙක්" කියලා. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. පාතාලයා උනා නැතා, ඒ මනුස්සය තමන්ට ජීවිත තර්ජන තියෙනවා කියලා පොලිස්පතිට දැනුම් දීලත් එයා සද්ද නැතුව ඉඳල තියෙන්න මෙයා විරුද්ධ පක්ෂෙ නිසාද? මාලිමාව හදන ජාතික ආරක්ෂාව මේකද? තමුන්ට දේෂපාලන වශයෙන් ව්රුද්ධ අයට "ජාතික ආරක්ෂාව" ඕන නැද්ද? ලැජ්ජයි ඇමතිතුමා!
සමන් - ඕමානයThursday, 23 October 2025 01:56 PM
"මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ" කියන කතාව වැරැදියි. මේ වගේ වෙඩි තැබීම් ප්‍රසිද්ධ ස්ථානවල, කාර්යාල වල කඩ සාප්පු තුළ සිදුවෙන එක මහජනයාට තර්ජනයක් නොවේද? ඊටත්, මෙම සභාපති වරයා "පාතාලයෙක්" කියා පළමුව හංවඩු ගසා, ඔහු "මහජනයා" කියන කණ්ඩායමෙන් පිටකිරීම කොතරම් අසාධාරණද? මේ ආකාරයේ වෙඩි තැබීම් සිද්ද වෙනවා, කුඩු ගැන, අපරාධ ගැන තොරතුරු පොලිසියට දෙන, නීති ගරුක මහජනතාවට. නඩු වලට සාක්ෂි දෙන පුද්ගලයින්ට. එය තේරුම් ගන්න තරම් මෙම "මහජන ආරක්ෂක" ඇමැතිගේ මොලය විකෘති වෙලාද? මෙම අපරාධ මර්ධනයට නම් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. මරණ දඬුවම නියම වුණු දරුණු අපරාධකාරයෝ, හිරගෙය තුළ ඉඳන් තව තව අපරාධ මෙහෙයවනවා. කුඩු බිස්නස් කරනවා. ඔවුන්ට විරුද්ධ පාක්ෂික කල්ලි වලින් ජීවිත හානියක් වෙන්නෙත් නෑ, හිරගේ ඇතුලේ ඉන්න නිසා. මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා නම්, ඔය ඉතිරි අපරාධකාරයෝත් මරණ දඬුවමට බයේ ඒවායින් ඉවත් වෙයි. බන්ධනාගාර කොමසාරිස් තුමා තදින්ම මේ මතය දරනවා. පළපුරුදු නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතාත්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර තියනවා. මහජන ආරක්ෂක ඇමැතිතුමා මෙම අදහස ක්‍රියාත්මක කළ යුතුයි.
MD Thursday, 23 October 2025 10:53 AM
විජේපාලයෝ බයිලා කියන්නේ වගකීමෙන් පැනලා යන්නද?ඔයාට දැන්ද ඵයා පාතාලයකට සම්බන්ධ කරන්න හිතුනේ. ඵහෙම නම් ඔය අනිත් අය වගේ ඩුබායි, ඉන්දුනීසියා නේපාලයට පැනලා යනකන් ඉන්නේ නැතිව ලංකාවේදීම අත් අඩංගුවට ගන්න තිබුණානේ...
සුපුන් චාමර Thursday, 23 October 2025 11:11 AM
ඇයිද මේ අය මැරුනම අඩන්නේ...?
අරුණි Thursday, 23 October 2025 11:53 AM
තම නම වසන් කරන් සිටින ඔබතුමා අයිති වන්නේ කුමන පාතාලයටද?
Sudu Thursday, 23 October 2025 12:15 PM
87-89 කාලේ බෝම්බ හදලා ඇඟිලි නැති අයත් අද ඇමැතිකම් කරන එකේ නගර සභාවක පාතාලයෙක් ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒ බෝම්බ කාරයින් ගැණත් මේ ඇමැතිට මුකුත් කියන්න බැරිද? තමන්ට සහ පොලිස්පතිට තියන බැරිකම් වහගන්න අනික් අයට ඇඟිලි දික්කරලා වැඩක් නෑ. ඔහු පාතාලයෙක් නම් කරන්න තිබුණේ එක්කෝ ඔහුව අල්ලලා හිරේ දාන එක... නැත්නම් පාතාලය මර්ධනය කරන එක. දෙකම බෑ...
රනේ Thursday, 23 October 2025 12:47 PM
ඔහු පාතාලයෙක් නම් ඔහු වටා සිටින, ඔහුට අතහිත දෙන අය අන්ගාමිකයින්. ඔහු යම් දේශපාලනයක් කරයිද එම පක්ෂයම සැක කටයුතුයි. ඔහු කිනම් අයුරකින් එම අධිකාරියට උදව් කරන්නට හෝ බලපෑම් කරන්නට ඇත්දැයි සොයා බැලීමද වටී...
Cham Thursday, 23 October 2025 01:29 PM
ලැජ්ජයි හලෝ... අපේ මහජන ආරක්ෂක ඇමති කියලා කියන්න. බැංකුවක් අරන් වැඩිවන ෆොන්සේකා එක්ක... කියලා දේවි. මෝඩයින්... රටටත් ලැජ්ජයි.
අරවින්ද මොණරවිල Thursday, 23 October 2025 01:49 PM
දැන් සජබ පොහොට්ටු කසළ ශෝධක කණ්ඩායම හිතාගෙන ඉන්නේ එවුන්ගේ පළාත් පාලන ආයතන තුළ හා පාර්ලිමේන්තුව තුළ ඉන්න පාතාල මැරයන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න ඕන, ඒකයි ජාතික ආරක්ෂාව කියලා වෙන්න ඇති. පොලිසිය තියෙන්නේ මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න එහෙම නැතුව ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ නීතිය කඩන සාමය නැති කරන අපරාධකරුවන් මිනීමරුවන් හා පාතාලයන් ආරක්ෂක කරන්න නොවෙයි. ඒ කාට හරි තමන්ගේ ජීවිත වලට තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳව තමන් පදිංචි ස්ථානයට අදාල පොලිසියට ගිහිල්ලා සත්‍යය තොරතුරු එනම් තමන්ට කාගෙන්ද තර්ජනය තියෙන්නේ ඇයි තර්ජනය කරන්නේ කියලා සත්‍යය තොරතුරු පවසා පැමිණිල්ලක් දාන එකයි කරන්න තියෙන්නේ, එවිට පොලිසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිවි, අවශ්‍ය නම් උසාවියටත් කරුණු වාර්තා කරලා. එහෙම නැතුව පොලිස්පතිට ලියුම් ලියලා හරි යන්නේ නැහැ. පාතාලයෝ ගහ මරාගන්න විට උන්ට ආරක්ෂාව දෙන පොලිසි නම් ලොවෙත් නැහැ.