
(ගයාන් සූරිය ආරච්චි සහ ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කුෂාන් ජයවර්ධන)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සභාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූණි.
අතර මඟ දී යතුරු පැදිය මාරු කර වෙඩික්කතු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.
ඒ අනුව දකුණු පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදා තිබුණි.


සැකකරුවන් සැඟව සිටි නිවස සහ අවට ආරක්ෂාව
(ඡායාරූප කුෂාන් ජයවර්ධන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහන්න ලෑස්ති වෙනවා වගේ. මොන තරම් වැරැදි කරපු කෙනෙක් වුණත් සජිත්ලා වැරැදි කරුවෙකුට ටිකට් එක දීලා වුණත් අන්තිමට මිනිස්සු ඡන්දය දුන්නු නිසානේ සභාවට පත්වුනේ. එතකොට මහජන නියෝජිතයෙක් ලෙස ඔහු පොලිස්පතිට ලිපියක් යොමු කරේ ආරක්ෂාව ඉල්ලලා එම සභාව තිබෙන ස්ථානය සම්බන්ධව. රජයේ ආයතනවල ආරක්ෂාව සපයන්න ඕනෑ රජයෙන් මිසක් පුද්ගලිකව නොවෙයි. ඉතින් ඒ ඉල්ලීම කර සුමාන තුනක් ගිහින් ඉල්ලීම කරපු තැනැත්තාව මරණ කම් පොලිස්පති සහ ඔහුගේ ගෝලයින් මොකද කරේ කියන එක විශාල ප්‍රශ්නයක්. ඕනෑකමින් නොසලකා හැරියද, බැරිකම නිසා අතපසු වුණාද නැත්නම් කවුරු හරි මගදී ඉල්ලීම යට ගැහුවාද? ඇත්තටම සොයන්න ඕනෑ. මිනීමරුවන් ඇල්ලුවාය කියලා මදි, මිනී මැරුමක් නවත්වන්න සුදුසු දේ නොකරේ ඇයි කියන දේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම පැහැර ඇරීමක් වුණා. මීට කලින් පාස්කු ප්‍රහාරය ගැන විස්තර දන්න අය නිකං හිටියා කියලා කීපදෙනෙකුට දඬුවම් කරා. ඉස්සර විජය කුමාරතුංග මහතා ආරක්ෂාව ඉල්ලලා නොදීපු නිසා ඔහු මැරුණා. ඒ ගැන එකල තිබූ රජයෙන් හොයපු බවක් ආරංචි නෑ. මේකත් ඒ වගේම යට යාවිදෝ කියලා හිතෙනවා... ඇමැති මුලින්ම පාතාල හංවඩුව ගහලා ඇඟ බේරාගන්න හදපු නිසා...
සජිත්ට බාර දෙන්න... කැමැත්තක් කරන්න කියන්න...
දැන් ඉතිං ඕකට දේශපාලන සම්බන්ධයක් නෑ. පාතාල - පාතාල ක්‍රියාකාරකමක්. අපේ පොලිසිය දැන් නියමෙට වැඩ කරන නිසා ටක් ගාලා මිනීමරුවෝ අල්ලා ගත්තා. පාතාලයින් බිහි කිරීමට රාජපක්ෂ වික්‍රමසිංහ වගකියන්න ඕනෑ. කොහොම වුණත් ජාතික ආරක්‍ෂාවට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා පොලිස් ඇමැතියි, බංකු බංකු ඇමැතියි දම්මෝලා කියවන්න ජනාධිපති සහෝදරයා. අපි ඒක සමාජ මාධ්‍යයේ පල කරගෙන යන්නම්....
පාතාලයේ උන්නතිය සදහා ජනතාව පියවර ගනු ඇත. එසේම හොරු නැතිව ජනතාව නිකන් කුරෝලු වෙලා වගේ... ආරක්ෂක ඇමැතිට ටිකක් වැඩ බැරි කතාවකුත් යනවා. ඔහුට විටමින්, ගොටුකොළ ආදිය දිය යුතු බව ජනතාව කියනවා.
කෝ ඔය මුජිබර් හාදයා... ගිරිය පලාගෙන යටි ගිරියෙන් කෑ ගහලා පාර්ලිමේන්තුවේ කිව්වා NPP රජය අද මහ දවල් මිනීමරුවෝ කියලා. දැන් බැලුවම මිනීමරුවෝයි පාතාල සාමාජිකයින් ඉන්නේ සාජබෙ පක්ෂයේම තමයි. වලපල්ලට යවලා තිබුණු රට. අද NPP රජය ඉතාම පරිශ්‍රමයකින් නීතිගරුක සමාජයක් සහ සශ්‍රීක රටක් අපේ දරුවන්ට උදාකරලා දෙනවා.