
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය රාජකාරී කාමරය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් ඒ සදහා යතුරු පැදි දෙකක් භාවිතා කර ඇති බවට සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහවුරු කර ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම ඝාතනයෙන් පසු ඔවුන් වැලිගම ප්‍රාදේශිය සභාව අසල සීට යතුරුපැදියක නැගී පලා ගිය ද අතරමග දී ඔවුන් යතුරුපැදි දෙකකින් පලා යන අයුරු දැක ගන්නට තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වැලීගම දෙස සිට මාතර දෙසට පැමිණී එම ඝාතකයන් දෙදෙනා අකුරැස්ස හරහා ගාල්ල දෙසට පලා ගොස් ඇති බව ද මේ වන වීට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනයේ දී ඝාතකයා ඒ තුළට ඇතුලු වී ඇත්තේ නිවාස සැලසුමක් අනුමත කර ගැනීමේ මුවාවෙන් බවද කියති.
ඒ සදහා ඔහු ලිපි ගොනුවක් රැගෙනවිත් ඇති අතර එම ලිපි ගොනුව තුල වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය සගවා ගෙන එන්නට ඇති බවට ද පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්‍ෂාව ඉල්ලා සිටිය දීත් එය ලබා නොදුන් වැලිගම පොලිසියත් ඊට අනුබල දුන් දේශපාලනීකරණය වූ පොලිස්පතිත්, මිනියේ රස්නය යන්නටත් පෙර මියගිය තැනැත්තා පාතාලයකු බවට හංවඩු ගැසූ ශිෂ්ට සම්පන්න නොවන පොලිස් ඇමතිත්, මේ සියල්ලේ පසුපස සිටිමින් දේශපාලන විරුද්ධ වාදීන් දඩයමේ යන අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුවත් සීසීටීවී කැමරා ඔස්සේ යමින් දැන් ගොතන කතා ඔවුන්ගේ ශෝධක බලකායට පමණක් සෑහේ. පොදු ජනතාවට නම් නොසෑහේ.
පැලවත්තටද දන්නේ නෑ ගියේ.
දකුණේදී ඔවැනි මිනීමැරීම් කීපයක් වුණා කියලා රූපවාහිනීයේ විකාශය වුණා.. ඒ නිසා දැන්වත් එහෙම අනාරක්ෂිත අයටවත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළයුතු හමුවීම් කිරීමට පහසුකම් සලස්වනවා නම් හොදයි නේද? පැමිණෙන කෙනාට දුරකතනයක් නැත්නම් ආයතනයේ පහසුකම් සලසන්න පුළුවන්...