
(නිමල් ජයරත්න)
වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ සිට පැල් රැකීමට ගොස් ගංවතුරට කොටුවීම ගසක් උඩ සිටියදී බෝට්ටු මගින් ගොස් අවුරුදු තුනක දරුවකු ඇතුළු දරු පවුලක් මෙන්ම හත් දෙනෙකුගේ ජීවිත අද සවස විශාල පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි.
ඉකුත් නමවෙනිදා ඔවුන් පැල් රැකීමට ගොස් ඇති අතර මාදුරුඔය හා කුඩාඔය පිටාර කළා හදිසියේම ඇති වූ ගංවතුර තත්ත්වය සමග පැලේ කොටුවී ඔවුන් ගස් කිහිපයකට නැග ඇති බවත්, දහවෙනිදා අලුයම් කාලයේ අඩි දහයක් පමණ ප්‍රදේශයේ වතුරෙන් වැසී තිබුණු බවත්, අනතුරුව පැල් රකිමින් සිටි පවුල අවුරුදු තුනේ දරුවා සමග ගසක් උඩ නැග ඇති බවත්, බෝට්ටු මගින් ගොස් ඔවුන්ගේ ජීවිතයේ ගලවා ගැනීමට හැකි වූ බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
ගංවතුරට කොටුවූ පිරිස් මොනණරතැන්න ගම්මානයේ පදිංචි, අවුරුදු 03, 20,25,35,40 යන වයස් වල පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැලිකන්දේ ගංවතුරට කොටුවූ හත් දෙනෙක් බේරා ගැනෙති
මැක්ස් Wednesday, 10 January 2024 05:39 PM
හේතු ඇතත් නැතත් පොලිසියට දෙස් දෙවොල් තියන "මං සුදනා" වර්ගයේ අමුතු අය මේ ගැන මුකුත් ලියන්නේ නැද්ද? මෙම සද්කාර්යයට දායක වූ සියලු දෙනාට පින්!
Bamunuarachchi Thursday, 11 January 2024 04:13 AM
පැල් රකින්න අවුරුදු 3 ළමයෙකුත් අරන් යන මැට්ටෝද මොවුන්.