
(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය පාසල් උපකරණ ප්‍රදානය කළේය.
එම උත්සවය බස්නාහිර පළාත් අණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රයේදී පැවැත්විණි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දරුවන් හයක් සදහා ත්‍යග සහ 2025 වසර සඳහා බදවාගත් ළමුන් 15 ක් සදහා බැංකු ගිණුම්පත් ප්‍රදානයක් ද කළේය.
බන්ධනාගාර කොමාසරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, වර්ථමාන ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ බිරිද වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඉනෝකා රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක, වැලිකඩ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක යන මහත්ම මහත්මීන්, යහපත් එඩේරා නිකායේ ප්‍රාදේශිය ශ්‍රේෂ්ඨ මව්තුමිය මේරිඈන් කන්‍ය සොයුරිය, සිරගතවුවන්ගේ දරුවන්ගේ මිතුරෝ සංවිධානයේ සභාපතිනි චමරි ප්‍රනාන්දු කන්‍ය සොයුරිය, රැදවියන්ගේ පවුලේ සමාජිකයින්, “සිරගතවුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය සාමාජිකයින් සහ බන්ධණාගාර නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.



2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිකඩ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව