
(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල සීමා තාප්පයට ඉහලින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 5ක් සොයා ගත් බව බන්ධනාගාර මුලස්ථානය කියයි.
මෙම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය , කුඩා ලැකට් 5 ක්, ජංගම දුරකතනයක්, ජංගම දුරකතන බැටර් 5 ක්, දුරකතන චාජර් එකක් තිබු බව පොලිසිය පවසයි.
මෙම පාර්සල් 5 අද පස්වරුවේ වනාතමුල්ල සීමා තාප්පයෙන් ඉහළ සිටි වැටී ඇති අතර, කාන්තා අංශයේ රාජකාරියේ නියුතු නිළධාරිනියන් විසින් මේවා අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර බුද්ධි අංශ තියෙනවා.. එ්ත් අල්ලන්න බැරි එකම දේ...