(ප්‍රසාද් රුක්මල් )

කොස්ලන්ද මකල්දෙණිය සහ රිදීමලියද්ද ඇකිරියන්කුබුර ප්‍රදේශවලදි සිදුවු වන අලි පහරදීම් වලින් පොල්වත්තක මුරකරුවකු සහ විශ්‍රාමික යුධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි ඌවපලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය අද (15) පැවසීය .

කොස්ලන්ද මකල්දෙණිය මැදකොටසේ පදිංචිව සිටි මකල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික පොල්වත්තක මුරකරුවකු ලෙස සේවය කළ එම්.රෙන්ගසාමි(56) නැමති සිව්දරු පියකු වන අලියකු පහරදීමෙන් මියගිය අතර, ඔහු පොල්වත්තේ සේවයට උදෑසන ගොස් වැටී ඇති පොල් ගෙඩි අහුලමින් සිටියදි පොල්වත්තේ රැදී සිටි වන අලියකු පහරදී හිස පාගා දමා මෙසේ මොහු ඝාතනය කර ඇති බවත් කොස්ලන්ද පොලිසිය සදහන් කලේය .

මේ අතර රිදීමාලියද්ද දෙහිගම ප්‍රදේශයේදී කුඹුරට ජලය හැරවිමට ගිය විශ්‍රාමික යුධ හමුදා සෙබලකු දෙහිගම 9කනුව ප්‍රදේශයේදි  වන අලියකු පහරදී හිස පාගා පොඩිකර දමා ඝාතනය කර ඇති බව රිදීමලියද්ද පොලිසිය පවසයි .

රිදීමලියද්ද ඇකිරියන්කුබුර කන්ඩිඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වන විශ්‍රාමික යුධ හමුදා සෙබල වයි.බී.නිලන්ත බංඩාර (43) නැමත්තෙකු මෙසේ මියගොස් ඇත.