(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
"වැල් වටාරම් කතා කරනකොට ගැලරියෙ ඉන්න දරුවෝ ඔබතුමාට හිනා වෙනවා" යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ විජේසිරි මන්ත්‍රීවරයා එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වීමට උත්සහ දැරූ අවස්ථාවේදීය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
ඔබතුමා එකම දේ දෙපාරක් කියනවා. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නෙ විතරක් අහන්න.සභාවේ කාලය නාස්ති කරන්න එපා. වැල්වටාරම් දොඩවන්න එපා.
චමින්ද විජේසිරි මහතා:
කතානායකතුමා.. ඔබතුමා ස්වාධීන වෙන්න ඕන.
කතානායක:
ඒක තමයි මම ප්‍රශ්නෙ විතරක් අහන්න කිව්වේ.
විජේසිරි මහතා:
ප්‍රශ්නයක් එකපාරටම ඩෝන් ගාලා අහන්න බැහැ. පොඩ්ඩක් කාලය යනවා.
කතානායක:
හරි ප්‍රශ්නෙ කෙටියෙන් අහන්නකො.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’වැල් වටාරම් කතා කරනකොට දරුවෝ හිනාවෙනවා’’
sharm warn Wednesday, 09 November 2022 03:05 PM
අනෙ පව්.. මෙයා හිතන් ඉඳල තියෙන්නෙ එතන වැදගත් දේවල් කතා කරල වැදගත් තිරණ අරන් රට නිකන් අම්මට සිරි වෙන්න දියුනු වෙලා තියෙන්නෙ කියල..
ගමේ එකාලා Wednesday, 09 November 2022 04:51 PM
වැල් වටාරම් නම් මොකෝ? ඔතැන ඉන්න අයගේ කෑ කෝ ගැසිම්, හැසිරීම් දිහා බලන් ඉන්න අය කියන කතාවල් ඇහැව්වාම ඊට වැඩිය ලැජ්ජයි...
fairoos Wednesday, 09 November 2022 05:09 PM
මේවගේ කතානායක කෙනෙක් ලංකා ඉතිහාසයට පත්වෙලා නැහැ...
රටවැසියෙක් Thursday, 10 November 2022 07:40 AM
මොනවද ඔතන ඔය තරම් කතාකරන්නේ. මෙච්චර කල් කරපු කතාවලින් ඇතිඋන වැඩේ මොකද්ද. ඕකට වියදම් කරන කෝටිගණන් මුදල් වෙන දේකට යෙදෙව්වනම්...... ඔක්කොම කටින් රට සංවර්දනය කරනවා. මෙහේ මිනිස්සුන්ට එදාවේල කන්න නෑ. .අනේ...... මුතු ඇටයක් කියපු රටකට වෙලා තියෙන දෙයක්.