(නිමල කොඩිතුවක්කු)
ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපයන් හේතුවෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රටේ දූෂිතම ආයතනයක් බවට පත්ව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවක අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිතියේ සභාපති භූ විද්‍යාඥ ඒ. එස් ජයකොඩි මහතා කොළඹ දී පැවසීය.
මේ හේතුවෙන් වැලි කැණීම් වලින් සියයට හතළිහකට වැඩි ප්‍රමාණයක් හොරට සිදුවන බවත් ජයකොඩි මහතා සදහන් කළේය.
ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපය හේතුවෙන් පාරිසරික අධ්‍යයන සිදු නොකට බලපත්‍ර ලබාදීම්, අල්ලස් ලබා ගැනීම ආදී දූෂණ අක්‍රමිකතා රැසක් සිදුවන බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd