IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක්

(සුජිත් හේවාජුලිගේ)

වේරල තීරයේ  අනවසර  ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට  නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ  දෙපාර්තමේන්තුව පවසයි

වෙරළ තීරයේ  අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද  සැලසුම් කර ඇතැයි  එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.



අදහස් (10)

වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක්

Kamal Koyrala Wednesday, 30 July 2025 12:38 PM

මේ කියන්නේ ඕනම අයකුට අනවසර ඉදිකිරිමක් කර බලපත්‍රයක් ලබා ගත හැකි කියන්නේ එකනේ බොහොම හොද අදහසක්

:       0       0

DHARMATILEKE Wednesday, 30 July 2025 12:49 PM

වෙරළේ නවාතැන් ඉවත් කරන්නේ .trade නොවෙයි

:       0       1

සමන් - ඕමානය Wednesday, 30 July 2025 12:55 PM

අනවසර ඉදිකිරීම් වලට බල පත්‍රයක්? "බල පත්‍රයක්" කියන්නේ යමක් කරන්න බලය දීමක්. එතකොට එය ඉදි කිරීමට අවසර දීමක් වෙනවා නේද? එහෙනම්, එය "අනවසර" නෑ නේද? අනේ මන්දා ටිකක් අප්‍රබංශ කතාවක්. මට පෙනෙන විදිහට, ඕකේ අවසාන ප්‍රතිඵලය හැම වෙරලකම බලපත්‍ර සහිත "අනවසර" ඉදිකිරීම් වලින් පිරෙන එකයි. ඊටත්, "වාර්ෂික දඩ" කියන්නේ, වාර්ෂික බලපත්‍ර දීමක්ම නේද? ආචාර්ය තුමා ගේ ඔලුවට තෙල් ටිකක් දැම්මොත් හොඳයි වගේ.

:       0       18

anuradha Wednesday, 30 July 2025 01:25 PM

ඉස්සෙල්ලම වෙරල සීමාව ලකුණු කරන්න,ඊට පස්සෙ ඒ සීමාව ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අයිතිය පෙන්වන්න තියෙන ලිය ලියවිලි ඉදිරිපත් කරන්න කියල තීරණය කරන්න හොරෙන් ඉන්න එවුන්ද, නැද්ද කියලා. නැත්නම් වැවු මායිම වගේ ගොන් සීන් එකක් වෙනවා මේකත්,,,,,

:       0       9

ISMAIL Wednesday, 30 July 2025 01:33 PM

එහෙම කරන්න ගත්තම වෙරළ තිරයක් පොදු ජනතාවට විඳින්න වෙන්නේ නැ.. ගල්කිස්ස හොටෙල් වෙරළ තීරයට පොදු ජනතාව ලං වෙන්කර ආරක්ෂක කට්ටිය පොලිසිය දාලා බය කරලා පැන්න ගන්නවා.. අයකිරීම් කරලා බලපත්‍රයක් දුන්නම කොහොම ඇතිද

:       0       5

janabala asamagi Wednesday, 30 July 2025 01:40 PM

කුඩු උවදුර නිසා මේවා දැන් ඉවත් කර, මෙන්න දැන් බලපත්‍ර දීලා පෙට්ටි කඩ හදවනවා. ලංකාවේ ඉන්නේ අප්‍රභංශ නිලධාරින්. මුන් ඔක්කොම කුඩ්ඩොන්ගේ සාක්කුවේ. රාජ්‍ය පාලනය ජවිපෙන් ගිලිහී ගිහින් .ඔවුන් නමට පමණක් සිටින ආණ්ඩුවක්.

:       0       11

රොමියෙල් Wednesday, 30 July 2025 02:04 PM

ඒ කියන්නේ අනවසරයෙන් වෙරළේ ගොඩනැගිල්ලක් හදල ඒකට වාර්ෂික දඩ මුදලක් ගෙවල ඒක නීත්‍යානුකූල කරන එකද?

:       0       19

Para Wednesday, 30 July 2025 02:19 PM

ඒ කියන්නේ අනවසර ඉදිකිරීම් නීත්‍ර්‍යානුකූල කරන බව නේද?. එහෙනම් බය නැතුව අනවසර ඉදිකිරීම් තවදුරටත් කරගෙන යන්න පුලුවන් නේද?.

:       0       10

de silva Wednesday, 30 July 2025 04:24 PM

ආණ්ඩුව වැඩේ අනාගන්න හදන්නේ ? ඔහොම බලපත්‍ර දුන්නොත් හැමෝම වෙරළේ බිල්ඩින් හදාවි , ඉඩම් ගන්න සල්ලි දෙනවට වැඩිය බලපත්‍ර ගාස්තු ගෙවන එක ලාභ නිසා

:       0       3

සමන් ගනිඅච්චි Wednesday, 30 July 2025 06:37 PM

එතකොට ඒ ඉදිකිරීම් බලපත්‍ර ලාභී අනවසර ඉදිකිරීම් වෙනවද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site