
(රෝෂන් තුෂාර)
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවා ලබාදීමේදී ඇතැම් රජයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද(26) පැවසීය.
පරීක්ෂණයට මුහුණ දී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ නිලධාරියෙකු සහ පුද්ගලික ආරක්ෂක අංශ සේවිකාවක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂම එසේ පැවසීය.
රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ කැලුම් ප්‍රියංකර සිරිසේන සහ ජීවමාලී නමැති සැකකාරිය මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ 2024 වර්ෂයේදී ලැබුණු පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවටයි ගත් බවය.
අල්ලස් කොමිසම මෙසේද පැවසීය.
මෙම කාර්යාලයේ අල්ලස් ලබා ගන්නා බවට ලිඛිතව පැමිණිලි ලැබී තිබෙනවා.ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකුට සේවාව ලබා දිය හැකි බවට දෙවන සැකකාර කාන්තාව පවසා තිබෙනවා.
පුද්ගලික ආරක්ෂක අංශයක සේවය කළ ඇය පළමු සැකකරුට දුරකථනයෙන් කතා කොට ගෙන්වාගෙන සේවාව ලබාදීම සඳහා රුපියල් එකොළොස් දහසක අල්ලසක් ඉල්ලා ඇති අතර පසුව දස දහසක් ලෙස අඩුකර ලබා ගැනීමේදී අත්අඩංගුවට ගැනීම සිදුකළා.
මෙම කාර්යාලයේ තවත් පුද්ගලයින් මීට සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන එබැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොමිසම ඉල්ලා සිටියේය.
දෙවන සැකකාරියට නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර කැලුම් ප්‍රියංකර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ සැකකරු කිසිදු අල්ලස් මුදලක් ඉල්ලා සිටීමක් හෝ ලබා ගැනීමක් කර නොමැති බවය.
එබැවින් සැකකරුට ඇප දෙන ලෙසට ද ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙවැනි සැකකාරිය එම කාර්යාලයට අනුයුක්ත රජයේ නිලධාරිනියක නොවුණද විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් සැකකරුවන් දෙදෙනා ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2560
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘වේරහැර R.M.V. සේවාවලට අල්ලස් ගන්නවා‘‘
Mangala Friday, 26 September 2025 11:07 PM
අල්ලස් නොගන්න රජයේ සේවකයෙක් ඉන්නවා නම් අටපට්ටමට කියන්න. පහුගිය රජයවල් වල හෙංචයියෝ මේ අය...
MIK PereraSunday, 28 September 2025 11:51 AM
හැන්දෑවට ලාච්චු හා සාක්කු චෙක් කරානම් තේරුම් ගන්න පුළුවන් හොරු.
බකල ජයා Friday, 26 September 2025 11:28 PM
RMV හැදුවේ කවදද? ඒ තරම් පරන නිව්ස් එකක්නෙ මේක.
ගාල්ලගේ Saturday, 27 September 2025 06:21 AM
ඔය දෙපාර්තමේන්තුව සදාකාලිකවම ඔය වැඩේ කරනවා කියලා ප්‍රසිද්ධයිනේ... ඉතින් කෙනෙක් පැමිණිල්ලක් කරනා තුරු නොඅල්ලා සිටීම හරිද මේවාට අල්ලස් දෙපාර්තමේන්තුවේ කෙනෙක් උපාය දූතයෙක් ලෙසට යැව්වත් ටික කලකින් ඕකම වෙන්න පුළුවන්... මොකද මිනිස්සු රහත්වෙලා නැති නිසා.
Asela Saturday, 27 September 2025 09:44 AM
මම දන්න සමහර අය මේක කිසිම ප්‍රශ්නයක් නැතුව කළා. මේක හැම වෙලාවේම කළා. ඊටත් වඩා නරක් වුණේ පසුගිය ආණ්ඩුව කාලේ. ඒක මර්දනය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ ගොල්ලෝ රජයේ කූඩැල්ලෝ.
විපරමා Saturday, 27 September 2025 06:33 PM
ගෑණු පිරිමි බේදයක් නැතුව වැඩි හරියක්ම ඔය ආයතනයේ ඉන්නේ පගාව ගන්න අය තමා?
User 7bV0n2 Sunday, 28 September 2025 10:06 AM
නවීන AI, ගුප්ත ලේඛන පාලන සහ විනිවිද පෙනෙන වැඩ ප්‍රවාහ භාවිතා කරමින් බලපත්‍ර සහ වාහන ආශ්‍රිත සියලුම සේවාවන් (අයදුම් කිරීමේ සිට නිකුත් කිරීම, අලුත් කිරීම, මාරු කිරීම, පරීක්ෂණ, දඩ සහ අභියාචනා දක්වා) ඩිජිටල්කරණය කරන ආරක්ෂිත, අන්තයේ සිට අවසානය දක්වා පරිගණක ගත පද්ධතියක් සාදන්න.