
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව සෑම දෙනාම කටයුතු කරන වගක් නොපෙනෙන බව තමා අවංකව ප්‍රකාශ කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා මේ තත්වය ගැන සතුටු නොවන බවද සඳහන් කළේය.
පැය 24 ම වැඩ කරන්නේ යැයි පැවසූ විට සමහර අංගනවල වැඩ අලුයම තුනයි විස්සට කලින් නතර වෙන බවත් පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කර ලොරි එනතුරු සිටි බවත් රත්නායක මහතා පැවසීය
නැව් ආයතනවල පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනීවි යැයි බලාපොරොත්තු වූවත් හොඳ සහයෝගයක් නොලැබෙන බවත් පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන්ද එතරම් සහයෝගයක් නොලැබෙන බවත් හෙතෙම පැවසීය.
රජය ජනවාරි 31 දක්වා බලන බවත් මේ වැඩපිළිවෙළට කවුරුත් දායක වන්නේ නැත්නම් රටට ඇත්ත කියන බවත් අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුව කැපවෙනවා නම් අනෙක් අයත් කැපවිය යුතු බව රත්නායක මහතා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වරායේ තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂේ ඉන්න කොට එක පෑන් පාරෙන් පුළුවන් වැඩ 2/3 ආණ්ඩුවක ඉන්න කොට සැහෙන්න අමාරුයි වගේ නේද?
අනිත් සියලු ආයතනත් ඔය විදිහම තමයි. රජයේ සේවකයින්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන පොහොසත් රටක් ලස්සන හෙටක් හදන්න.
ඇයි මේ කෙදිරිගාන්නේ. බොරු කියලා ගත්තට කරගන්න බැහැ නේද
ඔන්න ඕකට තමයි කියන්නේ පාලනය කියලා. තමන් හිතන විදියට සියල්ල සිදුවෙනවා නම් තව මොකටද පාලකයෙක්?
රජයේ ආයතන වල නිලධාරීන් වෙනස් නොකර මේ වැඩේ කරන්න බැහැ. ඕකුන් මේ රට හදන්න දෙන්නෙ නැහැ. රාජ්‍ය සේවකයින් කියාගෙන අපේ සල්ලි වලින් පඩි අරගෙන අපිටම කෙලවන හැත්තක්...මුන්ට දේශපාලන පක්ශක් කියල එකක් නැහැ. නිකන් ඉදල පඩි හම්බවෙන එකට කෙලවෙනවනම් , පගා ගහන එක නතර කරන්න වෙනවනම් මුන් ඔක්කොම ඒකතුවෙලා ඒ ආන්ඩුව ගෙදර යවනව. ක්ලීන් ශ්‍රී ලංකා පටන්ගන්න ඕනෙ එක අමාත්‍යාංශයක සෙට් එකක් ගෙදර යවල. එතකොට ඔය ඔක්කොම එවුන් ලස්සනට වැඩ කරයි.
ඇමතිතුමෝ ඔයැයිල හැමදාම කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියලා තමයි ඒ අතරේ ඔයැයිල ඇතිකල කැරලිගැසීම් දෙකයි පසුගිය ජනාධිපතිවරණය දක්වා ඇතිකල වර්ජනයි ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටේ සංවර්ධනය මහාපරිමාණයෙන් අඩාලවුණා ඔය අතරේ ගතවූ අවුරුදු 76 ක කාලයේ නිළධාරිවාදය ඔයැයිලගෙ හා ප්‍රභාකරන්ගේ යුද්ධයට වඩා තර්ජනයක් වුණා ඔයැයිල උනුත් එකයි මුනුත් එකයි කිව්වට නිළධාරි වාදය තමයි රටේ විනාශයට හේතුවෙලා තියෙන්නෙ දැන් ඔයැයිම කියන කතාවෙනුත් ඒක පේනවානෙ දැන් බොහොමයක් විශේසයෙන් හරියට රාජකාරි කරන නිළධාරි බොහොමයක් කියන්නෙ රක්ෂාව එපාවෙලා තියෙන්නෙ
දැන් මීට මාස කීපයකට කලින් රනිල් හිටියා ඔහොම අවුලක් වුනේ නෑනේ. ඒ කාලේ රතු මුහුදේ යුද්ධ නිසා ඉන්දියන් සාගරය හරහා යන නැව් වලින් 60%කට වඩා කොලඹ හරහා ගියේ. එතකොටත් ලස්සනට වැඩේ වුනානේ.
කයිවාරු නම් තියෙනව මුගේ. දැන් අර අපි නම් මාලිමාවට කියපු උන්ට ඇවිත් බාල දෙන්න කියන්න. නැත්තන් මුන්ගේ විකාර නිසා ඒ වැඩි වෙන බඩු මිලත් අපි එපැයි ගෙවන්න.
දැන්වත් තේරුම්ගන්න. රාජ්‍ය සේවය ජරාජීර්ණ වෙලා ඉවරයි.රාජ්‍ය සේවය නොව පෞද්ගලික අංශය තමා රට මේ තරමට වත් පවත්වාගෙන යන්නේ.පෞද්ගලික අංශයට ඉඩ දෙන්න. සහය දෙන්න. අසල්වැසියා ඉන්දියාව උදාහරණය ලෙස ඛලන්න. ධනවත් ඉන්දියානුවන් රටේ ආදායම් මාර්ග සංවර්ධනය කරනව වගේම රැකියා උත්පාදනය කරනව. තමිල්නාඩුව දැන් ඉන්දියාවේ ධනවත්ම ආර්ථිකය සහ කර්මාන්ත සහිත ප්‍රාන්තය.
කලින් ආණ්ඩු වලින් වරායේ නිසි ක්‍රමවේදයක් හදලා නෑ අපිට පාර්ලිමේන්තු කැන්ටිමට වෙලා මහින්දට බැන බැන පිංබත් ගිල ගිලා ඉන්න.
රජයේ සේවකයින්ට දශක කීපයක් තිස්සෙම විස පෙව්වා . ඒ මිනිස්සු අයිතිවාසිකම් ගැන විතරයි දන්නේ යුතුකම් ගැන දන්නේ නැහැ . දැන් මේක පිළලයක් වෙලයි තියෙන්නේ . මොවුන්ට විස පොවපු අයටත් දැන් ඔවුන් අවනත නැති බවයි පෙනෙන්නේ .
හිටපු විදුලි බල ඇමති කංචන, අන්න එයාව වරාය ඇමති කරලා දැම්මනම් ඕක හදල ගනී ලස්සනට
ඔයාලා තව ෆේල් වෙනවා.ඔයාලගෙ ජනපති ලේකම් ගිය සතියේ මාලිමාට කොහෙත්ම නොගැලපෙන මාරුවක් කරා .වයඹ ප්‍රධාන ලේකම් මාරු කරා.මුලු කුරුනැගලම කැමති දක්ෂ කිසිදා වංචාවක් නොකරපු අවංක නිලදාරිනියක් තමයි මාරු කරේ.එහේ ගොඩක් අය කියනවා යන්තං එතුමිය පලාත් සභාව ගොඩ දාගෙන ආවා විතරයි මාරු කරා කියලා.දේශපාලන පලිගැනීම නොකරනවා කියපු මාලිමාව එයා මාරු කරලා.අන්තිමට පත් කරේ තම පුටුවෙ ඉදගෙන රාජකාරි වෙලාවෙ පවා මාලිමාවට කඩේ ගිය පට්ට හොරෙක්.එයාට කිය්වෙ විස්කි ඉන්දික කියලා...අනික මේ නිලදාරිනිය වරක් ලංකාවේ හොදම ප්‍රාදේශීය ලේක්ම වුනාලු...පට්ට සතුටුයි මාලිමාව ඒ වගේ අයෙකුට කල සැලකීම.
ඇමැතිතුමණි ඔබ යටතේ ඇති සිවිල් ගුවන්සේවා අධිකාරිය ගැනත් සොයලා බලන්න. නුසුදුස්සන් රජ කරන කෙලිමඩලක් බවට පත්ව ඇති මෙම ආයතනය ගොඩ ගන්න හොද කළමණාකාරිත්වයක් පත් කරන්න.
ඊට වඩා ඔහේලාගෙ කෙරුවාව ගැන රට ම කණස්සල්ලෙන්.....